Chapter 31

140 15 4
                                    

~ තරගෙන් දිනපු සතුට වැඩි කමට කොල්ලො ජේසන්ව උස්සන් court එක වටේ දිව්වා. ජේසන් ඒ අතරේ අමන්දාව හෙව්වා. ජස්මින් ඒක දැකලා,

" අනේ අම්මපා මෙකාගෙ සැගවුනු දස්සතාවය එලියට ගත්ත කෝච්කාරයව හොයලා ඉස්තූති කරන්න ඕන එකා දැනුත් හොයන්නෙ එයාගෙ මහලොකු ලව් එක "

~ ඒක අහන් හිටපු අමන්දා ජේසන් දිහා බලලා හිනා වෙලා බෙල්ල දික කරන ගමන් ඉස්සුනෙ  මම මෙහෙ කියන්න වගේ . ජේසන් අමන්දාව දැක්කා විතරයි එයාගෙ අතේ තිබ්බ කුසලානය අමන්දාට පෙන්නලා හිනා උනා. අමන්දාත් සතුටෙන් , ආදරෙන් , ආඩම්බරෙන් ජේසන් දිහා බලලා හිනා උනා.ජේසන්ව කොල්ලො බිම තියනවත් එක්කම අමන්දා ජේසන් ලගට යන්න හදද්දිම මිශෙල් ගිහින් ජේසන්ව බදා ගත්තා. ඒ විතරක් නම් කමක් නෑ wish කරලා කමුලට kiss එකකුත් දුන්නා. ජේසන් මිශෙල්ව මග ඇරලා අමන්දා ලගට එන්න හැදුවත්, මිශෙල් යන්න නොදී ජේසන්ගෙ අත තද කරලා අල්ලගත්තා.පපුවට කටුවකින් අනිනවා වගේ ඒක අමන්දාගෙ හිතට දැනුනා. දුක , ඊර්ෂ්‍යාව , තරහා මේ හැමදේම කලවම් වෙච්ච හැගීමක් අමන්දාට ඒ වෙලාවෙ දැනුනා. එයාට හිතා ගන්න බැරි උනා මොකද්දා කරන්නෙ කියලා , මිශෙල්ට කම්මුල් පාරක් ගහලා ජේසන් මගේ කියන්න තරම් හයියක් අමන්දාට තිබ්බෙ නෑ, ඒත් එහෙම වෙන කෙනෙක් ජේසන් එක්ක ඉන්න එකටත් අමන්දා කැමති නෑ. ~

" අර ගෑනිට පිස්සුද ? බලහන්කො කිසිම ලැජ්ජාවක් නැතුව ජේසන්ගෙ ඇගෙ එල්ලිලා ඉන්න විදිය . ඉදහන් මන් ඔකීට ... "

~ ජස්මින් එහෙම කියලා ජේසන්ලා ඉන්න තැනට යන්න හදද්දිම , අමන්දා කිසිම දෙයක් කියන් නැතුව එතනින් යන්න ගියා. ~

- ජස්මින් -

" අමන්දා ....!! "

~ ජස්මින් අමන්දට කතා කලත් අමන්දා ඇහෙන් නෑ වගේ යන්න ගියා. අමන්දා යනකන් බලන් හිටපු ජස්මින් ඔරවලා ජේසන් දිහා බැලුවා . අමන්දා යනවා දැකපු ජේසන් අමන්දාගෙ පස්සෙන් යන්න හදද්දි මිශෙල් ආයෙ ජේසන්ගෙ අතින් අල්ලග්ත්තා ,

- ජේසන් -

" මිශෙල්  මට යන්න දෙන්න. "

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now