Chapter 32

117 13 3
                                    

~ ජේසන් පොඩි ළමයෙක් වගේ , හරිම අහිංසක විදියට නිදාගෙන හිටියේ. අමන්දා හෙමීට ලං උනා ජේසන්ට කිස් එකක් දෙන්න.අමන්දාට හිතා ගන්න බැරි උනා කිස් එක දෙන්නෙ නලලටද , කම්මුල් වලටද කොහෙටද කියලා , අමන්දගෙ ඇස් එකපාරට ගියෙ ජේසන්ගෙ තොල් වලට.අමන්දා එකපාරට කෙලින් වෙලා ,

| අමන්දා .. ! ඔයා මොනාද මේ හිතන්නෙ ? නෑ නෑ පිස්සුද ? තමන්ව පාලනය කර ගන්න අමන්දා ... ! |

~ අමන්දා ආයෙමත් නැවිලා එයාගෙ මූණ ජේසන්ගෙ මූණ ලගට ගෙනිච්ච. ලැජ්ජාවෙන් කටත් වහගෙන හිනා වෙලා , අන්තිමට ජෙසන්ගෙ දකුණු කම්මුලෙන් තොල් තියලා වම් කම්මුලෙන් අමන්දාගෙ සීතල අත් වලින් අල්ලලා තද කිස් එකක් දුන්නා. එතකොටම ජේසන් ගැස්සිලා නැගිට්ටා. අමන්දා එයාගෙ යටි තොල හපාගෙන හිනා වෙවී බලන් හිටියා. ~

- ජේසන් -

"ආහ්.. ඔයාද ? "

- අමන්දා -

" ඇයි නැත්තම් ඔයාට ඔහොම කිස් දෙන්න තව අය ඉන්නවද ?

ආහ්..ඔව් නෙ , මිශෙල් ඉන්නවනෙ "

~ ජේසන් ආයෙමත් පුටුවට ඇල වෙලා ඇස් දෙක වහගන්න ගමන් ,

" හ්ම්ම්.. ඔව් මන් හිතුවෙ මිශෙල් කියලා , අපරාදෙ "

- අමන්දා -

" එහෙමද ? එහෙනම් ඉන්නකො මන් මිශෙල් ව එක්කන් එන්න "

~ එහෙම කියලා අමන්දා යන්න හදද්දි ජේසන් ටක්ගාලා අමන්දාගෙ අත අල්ලගත්තා , අත අල්ලගෙනම නැගිටලා අමන්දාව පිටිපස්සෙ තිබ්බ මේසෙට හේත්තු කලා. ~

" දැන් මමයි මෙතන තරහා වෙලා ඉන්න කෙනා , ඔයා කොහෙද මෙ තරහා වෙලා යන්නෙ ? "

- අමන්දා -

" නෑ ඉතිම් ඔයා මිශෙල් එනකන් නෙ බලන් හිටියෙ . මන් එයව එක්කක් එන්නයි යන්න හැදුවෙ . මාව මෙතන්ට ඕන් නෑනෙ. "

- ජෙසන් -

" ඕකට කියන්නෙ ඉරිසියාව කියලා "

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now