~ කෙවින් පොඩි සුදු පාට බෑග් එකකුත් අතේ අරන් පන්තියට ඇවිත් සෙට් එක හැදිලා ඉන්න රවුම ඇතුළට ඇවිත් කෙලින්ම ආවෙ අමන්ද ලගට, පුටුවෙ දිගා වෙලා හිටපු ජේසන් කෙලින් උනේ ඉබේටම වගේ. එයා කිසිම සද්දයක් නැතුව , එයාට ඉව වැටිච්ච දේ තහවුරු කර ගන්න වෙන්න යන නාඩගම බලන් හිටියෙ බොහොම ඉවසීමෙන් . ~
~ කෙවින් අර ගෙනාපු සුදු පාට බෑග් එක අමන්දාට දික් කරන ගමන් ,
" ආහ්.. මේක ඔයාට "
~ අමන්දා රත් වෙලා ගියා කෙවින් කියපු දේට . ඒ වෙලාවෙම එයාට ජේසන් දිහා බලන්න ඕන උනත් එයා බයටම බැලුවෙ නෑ. ~
" ම්.. මේ මොකද්ද ? "
~ කුශාන් අමුතු කඩ හඩකින් , හෙමින් ,
" වොට් ඉස් හැපනිං හියර් ? "
- කෙවින් -
" නෑ අනේ.... අමන්දා මට ලොජික් කියලා දුන්නනෙ , ඒකයි ඉතින් මන් මේ පොඩි තෑග්ගක් ගෙනාවෙ "
- ශෙනෙල් -
" ආඩෝ.. no..... ඔය බව කලින් දන්නවනම් අපිම ඇවිත් උඹට කියලා දෙනවනෙ බන් . "
~ කුශානුයි ශෙනෙලුයි මේක විහිළුවට අරන් ආතල් ගත්තත්, අනිත් හැමෝම ගල් ගැහිලා වගේ වෙන දේ බලන් හිටියා. ජස්මිනුයි, ඒඩ්‍රියනුයි කෙලින්ම බැලුවෙ ජේසන්ගෙ මූණ දිහා. ජේසන් දත් මිටි කන ගමන් අහක බලාගත්තෙ බලාගෙන ඉවසගෙන ඉන්න බැරිම තැනයි. ~
- අමන්දා -
" අනේ කෙවින් මට නම් බෑ මේක ගන්න. මන් ඔයාට කලේ පොඩිම පොඩි උදව්වක් නෙ , ඉතින් ඒකට මට තෑගි දෙන්න ඕනෙද ? "
- කෙවින් -
" හරි ඉතින් දැන් ගෙනල්ලා ඉවරනෙ , ගන්නකො මෙක. මහලොකු දෙයක් නෑ මේකෙ , චොක්ලට් එහෙකුයි , ඔයා ආසම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකෙන් යෝගට් ඩ්‍රින්ක් එකකුයි තියෙන්නෙ . "
~ ජේසන් සැනින් කෙවින් දිහා බැලුවේ මරන්න තරම් තරහකින්, ජේසන්ට කෙවින්ගෙ වැඩ නිකන් පපුවට මිටියකින් ගහනවා වගේ තිබ්බෙ. බැරි වෙලාවත් ජේසන්ගෙ ඇස් වලට X - Men එකෙ cyclops ට වගේ ලේසර් විදින්න පුළුවන් නම් මෙලහකටත් කෙවින් අළුවෙලා , අළු කුඩු ටිකවත් හොයාගන්න බැරි වෙනෝ. ජේසන්ට ඒ තරම් තරහයි . තරහටත් වඩා ඉරිසියාව ඇත්තටම කිව්වොත් . ~
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...