~ අමන්දා එක පාරට ජේසන්ව තුරුලු කර ගත්තා. ජේසන්ගේ මුළු ඇගටම කරන්ට් එකක් වැදුන්නා වගේ දැනුනා. ජේසන් බැලුවා මොකද්ද එක පාරට උනේ කියලා . ජේසන් එයාගෙ ඉස්සරහා හිටපු කෙනා දැකලා, ~
- ජේසන් -
" මොකද බන් හොල්මන් කරන්නෙ "
- ????-
< " කොහොමහරි මන් කරපු දෙයින් උඹට හොදක්නේ උනේ. බලන්නකො කෙල්ල තුරුලු වෙලා ඉන්න හැටි " >
~ එතන හිටියේ ටිකක් තරුණ අවුරුදු විසි ගානක වගේ පිරිමි කෙනෙක් .අමන්දට ඇහුනා එයාගෙ පිටිපස්සෙ ඉදන් කවුදෝ මන්දා කෙනෙක් කතා කරනවා. එයා ටක්ගාලා ජේසන් ගෙන් අයින් උනා. අමන්දට කර කියා ගන්න දෙයක් නෑ. එයාට හොදටම ලැජ්ජ හිතුනා . එයා බිම බලාගෙන හිටියා ~
< " මෙච්චර කල් තනියම ආපු කොල්ලා අද තනියට එක්කෙනෙක්ව අරං ඇවිල්ලා තියෙන්නෙ . " >
~ අමන්දා එක පාරට පිටිපස්සෙ කව්ද හිටියේ කියලවත් බලන්නැතුව එතනින් ගියා.ජේසන් එක පාරට අමන්දා යන දිහා හැරිලා බලලා , ~
" අමන්දා ...! ඔහොම ඉන්න. "
~ ආයේ මේ පැත්ත හැරිලා ,~
" මචං . මන් ගිහිල්ලා එන්නම් . පස්සෙ හම්බෙමු. "
< " හරි බං " >
~ ජේසන් අමන්දාගෙ පස්සෙන් දිව්වා. ජේසන් පස්සෙන් දුවන් එනෝ කියලා දැනගත්තම අමන්දත් දිව්වා. ~
" අමන්දා ... නවතින්නකෝ..."
~ ජේසන් තවත් හයියෙන් දුවලා ගිහින් . අමන්දගෙ අතින් අල්ලගත්තා . අමන්දා හැරෙන්නැතුව එහෙම්ම හිටියා .~
" ඇයි මේ ? "
~ අමන්දා කිසිම දෙයක් කිව්වෙ නෑ. එයා ලැජ්ජාවටයි එතනින් ගියේ. ජේසන්ටත් හිතුනා මෙයාට ලැජ්ජ හිතුන නිසා එතනින් ආවා කියලා.ජේසන් අමන්දව එයාගෙ ලගට ඇදලා ගත්තා . අමන්දාගෙ පිට ජේසන්ගෙ ඇගෙ ඇවිල්ලා වැදුනා. අමන්දගෙ ඔළුව ජේසන්ගෙ නිකටේ ගෑවි නොගෑවී තිබ්බෙ. ජේසන් අමන්දගෙ උරහිස ලගින් අත යවලා අමන්දව එයාගෙ ඇගට තද කරගත්තා .අමන්දා එහෙම්ම ඉස්සරහා බලන් හිටියා .~
" හරි හරි , ඒක දැන් ඉවරයි. මට ඔයාට කියන්නයි තිබ්බෙ. එයා garden එකේ ඉන්නවා කියලා. "
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...