Chapter 34

105 16 4
                                    

- කෙවින් -

" අනේ plz බන් . මට උදව් කරපන් . "

~ ජේසන් මුකුත් කියන් නැතුව ලොකු හුස්මක් අරන් කෙවින් ගෙ උරහිසට තට්ටුවක් දාලා ,

" අතෑරලා දාපන් බන් , අමන්දාව ඔහෙට හරියන් නෑ. "

~ ජේසන් එතනින් යන්න හදද්දි කෙවින් ආයෙමත් ජේසන්ව නවත්තගෙන ,

" අනේ එහෙම කියන්න එපා බන්. Plz බන් ..."

~ කෙවින් තව මොනාද කියන්න යද්දිම ජේසන් ටිකක් සීරියස් විදියට කෙවින්ගෙ ඇස් දිහා බලලා ,

" මන් දැන් එක සැරයක් උඹට කිව්වා අමන්දව තොට ගැලපෙන් නෑ කියලා. කියන දේ අහපන් "

~ එහෙම කියලා ජේසන් කෙවින් වත් පහු කරන් එතනින් ආවා. කෙවින් ජේසන් යන පැත්ත හැරෙන්නෙවත් නැතුව , අත මිට මොලවගෙන ,

" උඹ අමන්දාට කැමතිද ? "

~ ජේසන් එහෙම්ම නැවතුනා. කෙවින් හැරිලා ආයෙමත් ජේසන්ගෙ ඉස්සරහා හිටගත්තා. ~

" මට කියපන් , උඹ අමන්දාට කැමතිද ? "

~ ජේසන් අයෙමත් ලොකු හුස්මක් අරන් ,

" ඔව් . මන් අමන්දාට ආදරෙයි . ඒ විතරක් නෙමෙ අමන්දාත් මට ආදරෙයි...

~ කෙවින්ගෙ පපුවට කටු අනිනව වගේ තිබ්බා ඒ කියපු දේවල් ~

... ඒක අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙමෙ, දැන් මාස තුනකටත් ලගයි. මන් අමන්දාට කැමති උනේ එයාව දැක්ක පළවෙනි වතාවෙදිමයි. ඒ නිසා තවදුරටත් අපි දෙන්න අතරට එන්න එපා. මන් ආයි උඹට කියන් නෑ. "

~ ජේසන් එහෙම කියලා යන්න යද්දි කෙවින් ,

" කොහොමද එහෙම වෙන්නෙ...

~ ජේසන් ආයෙ නැවතුනා . ~

... තෝ නටන්න පුළුවන් හැම නාඩගමක්ම නැටුවා, පුළුවන් තරම් කෙල්ලන්ව පාවිච්චි කරලා අතෑරලා දැම්මා. කොටින්ම කියනවනම් තොට ගෑණු කියන්නෙ තනිකරම සෙල්ලම් බඩු වගේ, ඕන වෙලාවට ලගට අරන් ඕනෙ නැති වෙලාවට විසික් කරලා දැම්මා. ඒ වගේ එකෙක්ට කොහොමද අරවගේ අහිංසක කෙල්ලෙක් සෙට් වෙන්නෙ. කොහොමද එහෙම වෙන්නෙ?! "

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now