~ ජේසන් අමන්දාගෙ ගේට්ටුව ලගට ගිහින් , අමන්දාට call එකක් ගත්තා. ~
- ජේසන් -
" ඔයා ලෑස්තිද ? "
- අමන්දා -
" ඔව් ඉන්න මන් එන්නම් "
~ ජේසන් ඒ පාර 4n එක එයාගෙ blazer ඒකෙ සක්කුවට දාලා, bike එකෙන් බැහැලා , එකට හේත්තු වෙලා අමන්දා එනකන් අහස දිහා බලන් හිටියා. ~
~ අමන්දා ගේට්ටුවෙන් එළියට එනවා දැක්කා විතරයි , ජේසන්ව කෙලින් උනේ ඉබේටම වගේ. ජේසන් කදාවත් අමන්දව ඒ විදියට දැකලා තිබ්බෙ නෑ. අමන්දා හරිම ලස්සනයි.~
~ අමන්දාට ජේසන් එක දිගට බලන් ඉන්න එක අපහසු වෙච්ච නිසා බොරු කැස්සක් දැම්මා ජේසන්ව පියවි සිහියට ගන්න. පස්සෙ අමන්දා හෙමීට ජේසන්ගෙ ලගට ගිහිල්ලා ,
" ලස්සනද මං "
~ ජේසන් ලාවට හිනා වෙන ගමන් ,
" මන් ඒත් බැලුවා අද හද මොකද අහසෙ නැත්තෙ කියලා
මන් දැන්නෙ දැක්කෙ ,
හද පහළට ඇවිල්ලා "
~ අමන්දා ලැජ්ජාවට බිම බලාගන්න ගමන් හිනා වෙලා ,
" අනේ යන්න ජේසන් "
~ ජේසන් අමන්දාගෙ නිකටෙන් අල්ලලා මූණ උස්සලා , අමන්දාගෙ ඇස් දිහා බලලා , හෙමීට , ආදරෙන්
" හරිම ලස්සනයි "
~ ජේසන් දෙපාරක් නොහිතා එහෙම්ම අමන්දාගෙ තොල් කිස් කලා , අමන්දාත් එක අතකින් ජේසන්ගෙ බෙල්ල පිටිපස්සෙන් අල්ලලා , අනිත් අතෙන් ජේසන්ගෙ blazer එක අල්ලගෙන ආපිට ජේසන්ව කිස් කලා. ජේසනුත් අමන්දගෙ පිටට අත තියලා ලගට අරන් ආදරෙන් කිස් කලා . පස්සෙ ජේසන් අයින් වෙලා , අමන්දාගෙ තොල් වලින් පිට ගිහිල්ලා තිබ්බ ලිප් ස්ටික් ටික එයාගෙ මහපට ඇගිල්ලෙන් අයින් කරලා , අමන්දාගෙ තොල් අත ගෑවා. පස්සෙ අමන්දාගෙ ඇස් දිහා බලලා හිනා වෙලා ,
" දැන් හරි "
~ අමන්දා අස් වලින් මොකක් ගැනද කියන්නෙ වගේ ඉගි කලා ~
" ලාවට ලිප්ස්ටික් ටිකක් තිබ්බම හොදටම ඇති , ඔයාට එහෙම තමා ලස්සනම . "
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...