~ ජස්මින් මුළු වෙලේම කල්පනා කර කර හිටියේ ජේසන් ගැන. ඒ නිසා හරියට වැඩක් කර ගන්නත් බැරි උනා. 3rd period එකේ econ මිස් එනකන් හිටියම ළමයෙක් ඇවිල්ලා කිව්වෙ ඔක්කොම teachers ලට meeting එකක් වැටිලා කියලා. ජස්මින් සැනින් නැගිටලා පන්තියෙන් එලියට ගියා. ~
~ අමන්දා lab එකට යනකොටම ජේසන් lab එකේ එයාගෙ තැන මේසෙට ඔළුව තියාගෙන හිටියා. අමන්දා පොත් ටික ජේසන්ගෙ එහා පැත්තෙන් තියලා ජේසන්ගෙ ඔළුව අතගෑවා. ,~
" ජේසන් ඔයා හොදින්ද ? "
~ ජේසන් නැගිටලා seat එකට හේත්තු උනා. එතකොටම ජස්මින් ආවා lab එකට . ජේසන් ජස්මින්ව දැක්ක ගමන් බිම බලාගත්තා. ~
- ජස්මින් -
" මට දැන ගන්න ඕනෙ ඔයා ඊයෙ කියපු දේ තේරුම . ඒක මගේ හිතට වද දෙනවා. ඇයි ඔයා එහෙම කිව්වෙ ? ඇයි ඔයා කිව්වෙ ඔයා පිටස්තරයෙක් කියලා ? "
- ජේසන් -
" ඒක මන් හිතලා කිව්වෙ නෑ. මන් කටට ආපු එක කිව්වෙ "
- ජස්මින් -
" බොරු !!! "
- ජෙසන් -
" නෑ අනේ ඇත්ත. මන් තරහට කිව්වෙ "
- ජස්මින් -
" ඇයි ඒ ? තරහට මොකටද එහෙම කියන්නෙ. "
- ජේසන් -
" මන් කිව්වනෙ . කටට ආපු දේ කිව්වෙ "
- ජස්මින් -
" අයියෙ මන් හොදටම දන්නවා ඔයා ඔය බොරු කියන්නෙ කියලා. මන් අන්තිම සැරේට අහන්නෙ . ඇයි ඔයා එහෙම දෙයක් කිව්වෙ ? "
~ ජස්මින්ට එක පාරට ඇඩුනා. ජස්මින් අඩ අඩ මෙහෙම ඇහුවා . ~
" මන් මේක අහන්න ආස නෑ. ඒත් ඔයා හැසිරෙන විදියෙන් මට ඒක අහන්නම හිතෙනවා.
අයියේ..... ඔයා මගෙ අයියා නේද ? එක කුසේ උපන් මගේම අයියා නේද ? "
~ ජේසන් එකසැරේ කදුලු පිරිච්ච ඇස් වලින් ජස්මින් දිහා බැලුවා, ජේසන් මුකුත් කියන් නැතුව බිම බලාගත්තා. ~
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...