~ අමන්දට අද තවත් අලුත් ආරම්භයක් . අද ඉදන් එයා එයාගෙ බලාපොරොත්තු ඉටු කරගන්න යන මාර්ගයේ තවත් ලොකුම ලොකුම පියවරක් තියන්නයි යන්නෙ. අද දවස තමා එයා වෙනුවෙන් උදේ හවා වැඩ කරපු අම්මට සැනසීමක් ලබා දෙනවා කියන එයාගෙ බලාපොරොත්තුව ඉටු කර ගන්න යන ගමනෙ පළමු පියවර. ඉතිං ඒ බලාපොරොත්තුව ඉටු කරගන්න අක්කා එයාට අරං දුන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අමන්ද හිතන් ඉන්නෙ. ඊයෙ ඉස්කෝලෙ පළවෙනි දවස උනාට අද තමා එයා හරියටම ඉගෙන ගන්න යන්නෙ ~
~ සුපුරුදු විදියට නර්මදා එයගෙ කාර් එකෙන් අමන්දව ඉස්කෝලෙ ලගින් බැස්සුවා. අක්කා යන දිහා බලං හිටිය අමන්දා ඉස්කෝලේ ලොකුම ලොකු ගේට්ටුව ලග හිටගත්තා. ඇරිලා තිබ්බ ගේට්ටුව ඇතුලෙන් ළමයි එක දිගටට ඇතුලට යනවා. ඒත් අමන්දා ටික වෙලාවක් එතන නැවතිලා ගෙට්ටුව අතරින් පේන එයගෙ අලුත් ඉස්කෝලෙ දිහා බලාගෙන හිටියා. බලං ඉදලා ලොකු උස්මක් ගත්ත අමන්දා ඇතුලට ගියා .අමන්දාගෙ හිත ඊයෙ වගේම කලබලයි. ~
|හ්ම්......... අද මට තනියම තමයි පන්තියට යන්න වෙන්නේ නේ ?|
~ අමන්දා එයාගෙන්ම ප්‍රශ්න කලේ බිම බලාගෙන හෙමින් හෙමින් පන්තියට යන ගමන් ~
~ අමන්දා ඊයෙ වගේම elevator එක ලගට ගියා. ගියාට මොකද එයාට බය හිතුනා ...~
|අයියෝ..! මන් මේක ඔබන්න දන් නෑනේ. මට මතක විදියට නම් මිස් එබුවේ G කියන එකද කොහෙද ? අපෝ! අපෝ ...! මට බෑ මේකෙ යන්න . හදිස්සියේ හරි වැරදි එකක් එබුවොත්? Elevator එක මග නැවතුනොත් ? අම්බෝ ....!!! මට නම් බෑ. |
~ එහෙම හිතලා elevator එක එහා පැත්තෙ තිබ්බ දොරෙන් අමන්දා ඇතුළු උනෙ පඩිපෙළෙන් යන්න හිතා ගෙන . ඒ දොරෙ ගහලා තිබ්බ රූපෙන් තේරුණෙ පඩිපෙළෙන් යන්න නම් ඒ දොරෙන් යන්න කියලා. ඒ පඩිපෙළ හරිම ලස්සනයි. ලීයෙන් කරලා තිබ්බෙ. වැඩිය ළමයි පඩිපෙළ පාවිච්චි කරන් නැති නිසාද කොහෙද ඒක අලුතින් පේන්ට් කරලා වගේ තිබ්බෙ. පඩිපෙළ වටේට තීන බිත්තිය සුදු පාටින් පාට කරලයි තිබ්බේ. උඩට උඩට නගිනකොට හම්බෙන නැවතුම් වල ලොකු වීදුරු ජනේලයක් තිබ්බා. ඒවා වලින් ලස්සනට ඉස්කෝලේ පේනවා. ඒ ජනේලයෙන් අමන්දා දැක්කෙ ඉස්කෝලෙ ලොකුම ලොකු ග්‍රෞන්ඩ් එක .ඒක දිහා ටිකක් වෙලා බලං හිටපු අමන්දා ආයෙත් පඩිපෙළ නගින්න ගත්තා. එයා දෙවෙනි තට්ටුවට යන්න තීන දොර ඇරලා ඒකෙන් එළියට ඇවිල්ලා ආයෙ වහලා පන්තියට යන්න හැරුනා විතරයි එයා එනවා දැක්ක වෙන පන්තියක කොල්ලෙක් ඇවිත් අමන්දාගෙ ඉස්සරහින් හිට ගත්තා. ඒ කොල්ලා එයාගෙ අත් දෙක සාක්කුවට දාගෙන හිටියෙ .එයා අමන්දගෙ පිටිපස්සෙ තීන පඩිපෙළට යන දොර දිහා බලලා ආයේ අමන්දා දිහා එක ඇහි බැමකුත් උස්සන් බැලුවා. ඒ කොල්ලා පඩිපෙළ දොර දිහාට ඇගිල්ල දික් කරලා ~
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...