~ ජේසන් ඊට පස්සෙ දවසේ ගෙදර ගියා. ජේසන් ගේට්ටුව ලගට ගිහින් ලොකු හුස්මක් ගත්තා. වෙන දෙයක් වෙච්චාවෙ කියලා ජේසන් ඇතුළට ගියා. ජේසන් ඇතුළට යනකොටම අම්මා දුවගෙන ඇවිත් ජේසන්ව බදා ගත්තා. ජේසනුත් අම්මව බදා ගත්තා. අම්මා ජේසන්ගෙන් අයින් වෙලා ජේසන්ගෙ මූණ අත ගාන ගමන් ,
" අම්බේ .. යාන්තම් ඇති ගෙදර ආවා. මන් පාලුවෙන් හිටියෙ මේ මූණ දකින් නැතුව "
~ ජේසන් ලාවට හිනා වෙලා ,
" කෝ තාත්තා ? "
- Mrs. Ferdinan -
" ඔයාගෙ වෙලාව හොදයි . එයා නෑ මේ දවස් වල , business trip එකක් ගියා "
~ ජේසන් හිනා වෙලා ,
" ආහ්.. එහෙමද ? "
- Mrs. Ferdinan -
" ඇයි ? බය උනාද තාත්තා ඔයා එනකන් බලන් ඉදලා ගෙදරින් පන්නයි කියලා "
- ජේසන් -
" නෑ . මන් නම් බය නෑ... ගෙදරින් පැන්නුවත් කමක් නෑ මට නම් "
- Mrs. Ferdinan -
" ජේසන් මේ , ඔයාට බෑ ඔහොම ඔයා කැමති විදියට ජීවත් වෙන්න. ඔයාගෙම අම්මා නොවුනට පොඩි කාලෙ ඉදන් ඔයාව හදා වඩා ගත්තෙ මම. මන් ඔයාව මගෙ ළමයෙක් වගේ හැදුවෙ, ඒ නිසා ඔහොම ඕනවට එපාවට කතා කරන්න එපා. ආයෙ කොහෙවත් යන්න දෙන් නෑ ඔයාට මන් . මතක තියා ගන්න ඔයාල ගෙදර එනකන් මෙහෙ අම්මා කෙනෙක් බලන් ඉන්නවා කියලා."
~ අම්මා අයෙමත් ජේසන්ව බදා ගත්තා . ජේසන්ට අම්මා පව් කියලා හිතුනා. ජේසනුත් අම්මව බද ගත්තා. එයාගෙ අම්මා නොවුනත් ජේසන් එයාගෙ කුඩම්මට ආදරේ කලා එයගෙ අම්මට වගේම.~
" ආහ්.. බලන්නකො මේ නාකි හුරතලේ "
~ ජස්මින් එහෙම කියාගෙන පහළට ආවා. ජේසන් ජස්මින්ව දැක්ක ගමන් ,
" ඒයි .. තමුසෙට මන් කියලා තියෙනවා මගේ බඩු අල්ලන්න එපා කියලා . තියපන් මගෙ headset එක තිබ්බ තැනින් . "
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...