Chapter 28

75 17 16
                                    

| ඔයා හරිම ලස්සනයි. තනිකර ඉටි රූපයක් වගේ , දකින හැම මොහොතකම ඔයාට තියෙන ආදරය වැඩි වෙනවා . කතා කරන විදිය, හිනා වෙන විදිය , දිලිසෙන ඇස් , සිනිදු කම්මුල් ඒ හැමදේටම මන් ආදරේ. ඒක මෙහෙමයි කියලා වචනෙන් කියන්න බැරි තරම්. මූණේ තියෙන ඇහි බැම පවා හරිම ලස්සනට මවලා තියෙනවා. |

~ තමන්ගෙ ඉස්සරහා ඉන්න ඉටි රූපෙ දිහා බලලා , ඒ රූපෙ ලස්සන ජේසන් හිතින්ම වර්ණනා කලා. ජේසන් එයාගෙ මූණ අමන්දාගෙ මූණ ලගට ලං කරනකොටම, තක්කාලි ගෙඩියක් වගේ මූණත් රතු කරගෙන ඉන්න අමන්දා හෙමීට ඇස් වහගත්තා. ඒක දැකපු ජේසන් ලාවට හිනා වෙන ගමන් තවත් ලං උනේ අමන්දාගෙ තොල් සිප ගන්න කියලා හිතාගෙන. ~

~ එතකොටම ඒ දෙන්නාගෙ පළවෙනි සිප ගැනීම අද නෙමෙයි කියන්න වගේ ජේසන්ගේ 4n එක ring උනා. දෙන්නම එක පාරට ගැස්සිලා ඈත් උනා. අමන්දාට කර ගන්න දෙයක් නෑ. එයා එහෙම්ම තොල් තද කරගෙන එහාට උනා. ජේසන්ට ඒ වෙලාවෙ ඒ call කරපු එකා ගැන ආවෙ මරන්න තරම් තරහක් . ජේසන් තරහව පාලනය කරගන්න වගේ ඇස් වහගෙන , යටිතොල හපන ගමන් සක්කුවට අත දාලා 4n එක අතට අරං නමවත් බලන් නැතුව කනේ තියාගත්තා . එයා හිතින් ,

| තෝ කවුරු උනත් හොදක් නම් වෙන්න එපා
මූසලයා . |

~ ජේසන් දත් මිටි කාගෙන ,

" කියපන් ."

- unknown person -

" අඩෝ...! තෝ කොහෙද ඉන්නෙ ? මන් උඹෙ studio එක ඉස්සරහා ඉදන් විනාඩි දහයකටත් වැඩී. තෝ මට එන්න කියලා රෝන්දෙ ගහන්න ගියාද ? "

- ජේසන් -

" මන් තමුසෙට දැන්ද එන්න කිව්වෙ , මන් දවල් නේද  එන්න කිව්වෙ තොට . තෝ දැන් ඇවිල්ලා මොන මගුලක්ද කරන්නෙ ? කාලකණ්නියා "

- unknown person -

" මොකද්ද බන් තමුසෙට වෙලා තියෙන්නෙ ? මන් කලිනුත් උඹ කියන වෙලාවටම ඇවිල්ලා නෑනෙ. මට පුළුවන් වෙලාවටනේ එන්නෙ. උඹ ඔහොම නම් එන්නෙ මන් යනවා හොදේ..
ඇයි යකෝ..! මෙතන උදව්වක් කරන්න ආවම නිකන් චොර වෙන්න ඕන් නෑනෙ. "

- ජේසන් -

" පලයන් ඉතින් . "

~ ජේසන් 4n එක තිබ්බා. අමන්දාට ජේසන් දැක්කම බය හිතුනත් , එයා තරහා ගත්තෙ මොකටද කියලා මතක් වෙද්දි හිනා යන්න හැදුවත් කොහොමහරි හිර කරන් තොල් තද කරන් බිම බලාගෙන හිටියා. ජේසන් හරිම කලකිරීමෙන් වගේ ලොකු හුස්මක් අරන් අමන්දා දිහා බැලුවා .~

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now