~ ජේසන් sofa එකේ හාන්සි වෙලා වම් අත උඩ ඔළුව තියන් වහලෙ සීලිම දිහා බලන් හිටියෙ . ටිකක් වෙලා කල්පනා කර කර හිටිය ජේසන් ,
" අර කියන්න වගේ මන් ගෙදර ගියානම් හරි...
~ ජෙසන් ලොකු හුස්මක් ගන්න ගමන් ,
... වස කම්මැලී අප්පා "
~ ඒත් එක්කම හෙමීට ඇස් පියාගන්න හදපු ජේසන්ට call එකක් එනවා . එයා නමවත් බලන්නැතුව 4n එක කනේ තියා ගන්නවා ~
" ජේසන් "
~ අමන්දා කතා කලේ හරිම දුකින්.~
- ජෙසන් -
" අමන්දා ..? මොකද මේ , ඔයා අඩනවද ? "
~ ජේසන් පුටුවෙන් නැගිටලා , ඉදගත්තා ~
- අමන්දා -
" ජේසන් . ම්ම්, ඔයා, මෙහෙ ආවද ? "
~ ජේසන්ට ඒක අහපු ගමන් හොදටම හිනා ගියා. ~
" මොකාහ්...? "
- අමන්දා -
" ඔයා බැරිවෙලාවත් මෙහෙට ආවද ? "
~ ජේසන් හිනා වෙන ගමන් ,
" මම ? නෑ.. "
- අමන්දා -
" ඔයා ඔය ඇත්තමද කියන්නෙ ? "
- ජේසන් -
" ඔව් ඔව් පැටියෝ මන් ආවෙ නෑ. "
~ අමන්දා හරිම දුකකින් , අඩන්න ඔන්න මෙන්න වගේ කඩහඩකින් ,
" එත්.. කොහොමද එහෙම වෙන්නෙ ? "
~ අමන්දා එයාටම මුමුණ ගත්තත්, ජේසන්ට ඒක ඇහුනා, ජේසන් හිනා වෙලා ,
" ඇයි මොකද , කෙල්ල මාව හීනෙන්වත් දැක්කද ? ආහ්.. ? "
~ අමන්ද මුකුත් කිව්වෙ නෑ ~
" ම්ම්.. ? මාව හීනෙන් දැක්කද ? නිකං මන් ඔයා ලගට ආවාම ඔයා බදා ගත්තා වගේ එකක්, පස්සෙ මන් ඔයාට කවලා , ඔලුව තවලා , ඔයාට තුරුලු වෙලා නිදා ගත්තා වගේ එකක් ? "
~ අමන්දා පුදුම උනා, ඒත් එක්කම අමන්දා සතුටු උනා මොකද එයා දුකෙන් හිටියේ ඒක හීනයක් කියලා ~
" ජේසන්.. ! "
~ ජේසන් හිනා වෙන ගමන් ,
" මොකද ? "
YOU ARE READING
🌹🥀 AMANDA 🌹🥀 [ At My Worst ]
Romanceඇයට ඕන උනේ ඇයගේ ජීවිතයම කැප කර උස් මහත් කළ ඇයගේ මවට සැනසීමක් ලබා දෙන්නයි, ඇගේ මව ඇය සහ ඇගෙ සහෝදරිය වෙනුවෙන් විදී දුක් කන්දරාවල අවසානයක් දකින්නයි. ඇය වෙනුවෙන් සියලු වියදම් දරා ඇයව සමාජයෙ හොද පුරවැසියෙක් කරන්න හදන ඇයගෙ සොහොයුරියට සාධාරණයක් ඉටු කරන්නයි...