Chapter 20

139 19 45
                                    

අමන්දා බිම දණගහලා ජේසන්ට කතා කලා. ඒපාර නම් අමන්දා අත  තිබ්බෙ ජේසන්ගෙ පපුවට .ජේසන් ඇස් වහගෙන ඉද්දිම එක සැරේ අමන්දගෙ අත අල්ලගෙන අමන්දව තල්ලු කරලා හාන්සි කෙරෙව්වා. ඊට පස්සෙ අනිත් අතෙන් අමන්දගෙ අනිත් අතත් අල්ල ගත්තා.ජේසන් දෑන් හරියටම අමන්දාගෙ ඇග උඩ ඉන්නෙ.අමන්දගෙ මූණට උඩින් ජේසන්ගේ මූණ තිබ්බා.ජේසන් අමාන්දාගෙ අස් දිහාම බලන් හිටියා. ඊටපස්සෙ මුළු මූණ දිහාම බැලුවා. අමන්දගෙ නලල, ඇස් , කම්මුල් , කට , නිකට , බෙල්ල . මේ ඔක්කොම  දිහා බැලුවා. අමන්දා බැලුවා මොකද්ද එකපාරට උනේ කියලා. ~

" ජේසන් ...!!!! මොකද මේ ? "

- ජේසන් -

" ඊයෙ රෑ ඔයා මාව කොච්චර අමාරුවෙ දැම්මද කියලා  දන්නවද ? ආහ්... " 

~ අමන්දා දන් නෑ වගේ , ~

" ඇයි ? මොකද උනේ ? "

- ජේසන් -

" මොකද මාව මහ රෑ බදා ගත්තෙ ? "

~ අමන්දා හොදටම කලබල උනා. පපුවත් ගැහෙන්න ගත්තා ~

" මො..කා ? ම.ම නෑ...මන් ඔයාව බදා ගත්තෙ නෑ. "

- ජෙසන් -

" බොරු කියන්න එපා නිවී. මන් නැගිටලා හිටියේ. "

- අමන්දා -

" බොරු ඔයා හොදටම නිදා ගෙන හිටියේ ."

- ජේසන් -

" ආහ්...ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට "

~ අමන්දා හිතින් , ~

| අයියෝ....!!!! |

- අමන්දා -

" එහෙම තමා මටත් දැනුනේ ඔයා මාව ඊයෙ ඔයාගෙ ලගට ඇදලා ගත්තම "

~ ජේසන් එක පාරට මූණ තවත් ලන් කලා. අමන්දා ටක්ගාලා ඇස් දෙකත් වහන් මූණ පැත්තකට කරා. අමන්දා හෙමීට ආයෙ ඇස් ඇරියා. ජේසන් තාමත් අමන්දා දිහා බඩගින්නෙ ඉන්න සිංහයෙක් උගෙ කෑම එක දිහා බලන් ඉන්නවා වගේ බලන් හිටියා . අමන්දා මූණ පැත්තකට හරවගෙනම,   ~

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now