Chapter 8

170 26 12
                                    

" නංගි අද ඔයා Afterschool ඉන්නවා නේද? "

" ඔව් "

~ අමන්දා පොත් බෑග් එක ලෑස්ති කරන ගමන් කිව්වා~

- නර්මදා -

" හ්ම්..එහෙනම් පරිස්සමෙන් එන්නකො.ජස්මින් ඔයා එක්ක එනවා කියපු නිසයි මන් ඔහොම හරි යන්න දෙන්නෙ,ඒත් ඔයාට හිතෙනවනම් තනියම එන්න බයයි කියලා ඔයාට පුළුවන් මන් එනකන් ඉස්කෝලෙ ඉන්න.මොකද කියන්නෙ මන්ම ඇවිල්ලා ඔයාව ගන්නද? "

~ අමන්දා කලබලා උනා. එයා හිතුවා අක්කාම එයාව ගන්න එයි කියලා.අමන්දට ඕන උනා ජස්මිනුයි ජේසනුයි එක්ක බස් එකේ එන්න.~

" නෑ නෑ නෑ. ඕන නෑ. ඔයා කොයි වෙලවේ එයිද කියලා කවුද දන්නෙ..මට රෑ වෙනකන් තනියම ඉස්කෝලේ ඉන්න වෙයි . "

~ එහෙම කියලා අමන්දාට එකපාරට මොකද්දො මතක් වෙලා හිනා වුනා . ඒ ගමන් අමන්දා මෙහෙම කිව්වා.~

" අනික මං මොකටද බය වෙන්නෙ ජේසනුත් ඉන්නෙ."

~ නොදැනිම අමන්දට කියවුනා.එතනදි උනේ අමන්දා හිතෙන් හිතන්න ඕන දෙයක් කටින් පිටවෙච්ච එකයි.ජේසන්ගෙ සිහියෙන් හිටපු අමන්දාට ඒක කියවුනා.~

~ ඒකට අක්කාගෙන් කිසිම උත්තරයක් ආවේ නෑ.lunch box එක බෑග් එකට දාන ගමන් හිටිය අමන්දාට තේරුණා එයා මොකද්ද කිව්වෙ කියලා.අමන්දා හෙමීට ඔළුව උස්සලා අක්කා දිහා බැලුවා.අක්කා එකහෙලා අමන්දා දිහා බලන් හිටියා.අක්ක බලන් ඉන්න විදියට බය උන අමන්දව රත් උනා.එක පරට අමන්දගෙ හිතට ප්‍රශ්න කෝටියක් ආවා... ~

| අයියෝහ්....මං ඉවරයි....අක්ක මොනා හිතයිද දන්නෑ.මං මේ ටිකට කොල්ලෙක් එක්ක යාළු වෙලා කියල කියලා හිතයි ද? අම්මට කියයිද? මට බනී ද? ...|

~ අමන්දා දිගට දිගට හිතන්න ගත්තා. ~

- නර්මදා -

" ඒ කවුද ඒ ? , කව්ද ජේසන් කියන්නෙ? ඇයි එයා ඔගොල්ලො එක්ක එන්නෙ ? අනික ඔයා හරි විශ්වාසෙන් කියන්නෙ කොහොමද එයා ඔයාව ආරක්ෂා කරයි කියලා? ඇයි එයා ඉන්නකොට ඔයාට බයක් නැත්තෙ ? ඔයයි එයයි අතර තීන සම්බන්ධෙ මොකද්ද? "

~ නර්මදා අහගෙන අහගෙන ගියා.අමන්දා ගල් ගැහිලා බලාගෙන හිටියා . ඒත් නර්මදා අන්තිමට අහපු ප්‍රශ්නෙට අමන්දට හිනා ගියා. එයා බිම බලාගෙන හිනා උනා.එයා මෙහෙම හිතුවා.~

🌹🥀 AMANDA 🌹🥀  [ At My Worst  ] Where stories live. Discover now