මම සනෙම්. මම හිතන්නේ මේ ලෝකේම මගේ අතේ නැලවන්නොන කියලා. ඇත්තටම ඒ තරම් මම ආත්මාර්තකාමි නපුරු මුරණ්ඩු කෙනෙක්.
මටත් කාලයක් තිබ්බා මිනිස්සුන්ට ආදරේ කරන . ඒත් ඒක දැන් වෙනස්. මම ලෝයර් කෙනෙක්. මගේ චේම්බ එකේ මේන් ටාගර්ට් එක නඩු දිනන එක නෙමෙ. මට ඕනේ අලුතින් එන ලෝයර්ස්ලව ට්‍රේන් කරවන්න.
ලෝයරින් කියන්නෙ පොඩ්ඩක්වත් ලේසී පහසු රස්සාවක් නොවෙන නිසාත්, මේ ළමයින්ට මේ රස්සාවේ සවයිව් වෙන එක මොන තරම් අමාරුද කියලා දන්න නිසාත් මට ඕනේ උනා මෙයාලව පුරුදු කරන්න. ඒනිසා පටන් ගත්තු ට්‍රේන්ස් ස්කූල් ප්ලස් චේම්බර් එකට තමා "give the wings" කියන්නෙ. එහෙමයි කියලා අපි නඩු පරදින්නෙ නැ. දැනට ඒ කියන්නෙ 2030 අවුරුද්දෙ හොඳම චේම්බර් එක විදියටත්, හොදම ඉන්ටර්න් ට්‍රේනින් ස්කූල් එක විදියටත් අපි තේරෙනවා.
නඩු නම් නඩු.....
ට්රේනින්ග්ස් නම් ට්රේනින්ස්....මම එච්චරම තරුණ කෙනෙක් නෙමෙ. ඔව් ඉතින්...තරුණ උනා නම් මට කිසිම විදියටකට මේ වගේ ෆර්ම් එකක් ගෙනියන්න බැහැනෙ. මට දැන් වයස හරියටම කිව්වොත් තිස් හයක් වෙනවා.....
මම කිසිම බැදීමක් ඇතුලේ හිර නොවිච්ච ඉතාම නිදහසේ ඉන්න කෙනෙක්. පාර්ට්නර්ස්ලා කියන්නෙ මට ඇත්තටම විහිලුවක්. මම බූට් කාලා ඩෙස්පරේට් වෙලා මෙහෙම කියනවා නෙමෙයි. ඒත් මට මාව විස්වාස කරවන්න පුලුවන් විදියට කිසිම කෙනෙක් හම්බෙලා නැ. ඉන්නවා එක්කෙනෙක්.
ඒ කවුද කියලා ඔයාලා ඉස්සරහට දැනගනී.
මේ මගේ කතාව. Give me the wings.
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...