අවසාන කොටස
"නීතීඥවරියක් ලෙස කටයුතු කරමින් ආධුනිකයන් අපයෝජනයට සහ දූශණට සේවා දායකයන්ට සැපයූ අයෙක් අත්තඩංගුවට"
දවසේ පත්තර සියල්ලම පිරිලා තිබුනේ ඒ සිරස්තලෙන්.
උසාවියේ එහෙට මෙහෙට යන හැමෝගෙම අවධානය ඒකට යොමු වෙලා තිබුනා. මේ වගේ දේවල් අද රටේ අහන්න වෙනවනේ කියලා මේ මිනිස්සු හැමදෙනාම පාහේ කතා කරන්න ගත්තා."කයිරාස් චේම්බර්ස් නමින් පවත්වාගෙන යන ලද මෙම ආයතනය හරහා තරුණ නීතීඥ වරුන් සහ වරියන් කිහිපදෙනෙකුම කාලයක් තිස්සෙ මෙලෙස සේවා දායකයන් වෙත යොමු කරන මුවාවෙන් විවිධ කටයුතු සඳහා යොමුකර ඇති අතරම, ඒ අතරතුරදී අහම්බෙන් සිදුවූ අන්දමට මෙලෙස අපයෝජනය කිරීමේ අවකාශය නිර්මාණය කර ඇති බවයි සැලකෙන්නෙ. ඒ කටයුත්තේ නිරත වූ මෙරට ව්‍යාපාරික ක්ශේත්‍රයේ බලවතුන් පිරිසක්ද මේවන විට සැකකාරිය සමග අත්තඟුවට ගෙන තිබේ. මේ පිළිබඳව පොලිසීයේ අපරාධ විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරී තුවාන් මහතා ඇතුලු පිරිසක්,නීතීඥ සනෙම් මෙනවියගේ තොරතුරු මත පදනම්ව මෙම කටයුත්ත පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු වල දිගින් දිගටම නිරත වෙමින් තිබූ වටපිටාවක මේ සම්බඳ සුල මුල සොයාගැනීමට සමත්ව තිබේ.
නීතීඥ සනෙම් ප්‍රකාශ කරන ලද්දේ තමාද එම ආයතනයේ කටයුතු කරමින් සිටියදී මෙවන් තත්වයකට මුහුණ පෑම නිසාම මේ පිළිබඳව තමාගේ අවධානය පැවති බවත් මෙම තත්වය ඔප්පු කිරීම සඳහා මෙතෙක් කාලයක් මුලුල්ලේ තමා සහය වෙමින් තොරතුරු එක් රැස් කල බවයි. ත්තියක් ලෙස ආධුනික නීතීඥයන්ට වඩා හොඳ ජීවිතයක් සහ අවස්ථාවන් නිර්මාණය කරවීම තමාගේ එකම අභිප්සනෙම් බව පැවසූ ඇය තවදුරටත් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් කියා සිටියාය"
උදෑසන පුරුද්දක් විදියට පත්තරේ කියවන සනෙම් තමන්ගේ කාර්යාල කාමයට හදිසිසේ පැමිනි අයෙකු නිසාම කියවමින් තිබ්බ පත්තරේ පසෙකට දැම්මා.
"I am extremely sorry, සනෙම්" ශේන් එහෙම කිව්වා
"ඒකට කමක් නෑ ශේන් ඒක එහෙම උන නිසානේ අත්තටම මට කාලයක් තිස්සෙ කරගන්න බැරුව හිටපු මේ වැඩේ කරගන්න ලැබුනෙ, සාමනන්යෙන් කලීග්ස්ලා අතරේ ගැටුම් ඇති වෙනවා එච්චරයි. ඔයාට ඕනේ නම් ආයේ මං එක්ක වැඩ කරන්න පුලුවන් මගෙ පොලිසි අනුව, ඒ ඇර වෙන මොකුත් අදාල නැ"
සනෙම් එහෙම කිව්වා..
"කොෆි එකක් බොමුද ලයිට් මිල්ක් එක්ක, ඔයා කැමතිම විදියට" සනෙම් ආයෙමත් ශේන්ගෙන් ඇහුවේ පුරුදු යාලුවෙක්ගෙන් අහනවා වගේ.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...