02. Let the fire begins

70 8 7
                                    

2 කොටස

හිල් සයිඩ් රෙසිඩන්සීස් එකේ හතරවෙනි ෆ්ලෝර් එකේ 228 අපාර්ට්මන්ට් එක කියන්නෙ ජාන් ට ආගන්තුක තැනක් නෙමෙයි. සනෙම්ගෙයි ජාන්ගෙයි මේ ලෝකේ කවුරුත් නොදන්න තෙරපි සෙශන් සේරම තිබ්බේ මෙතන. ලංකාවේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් හදන කෙනෙක් විදියට ක්ශේත්‍රය නමක් දිනාගෙන ඉන්න තරුණ තනිකඩයා, සනෙම්ගේ සම්පූර්ණ තෙරපි එක කියලා දන්නෙ එයාල දෙන්නායි ජාන්ගේ පාට්නර් විදියට වැඩකරපු ඩියන් උයි විතරයි.

හදිසියේ ආව කෝල් එකෙන් ජාන් නලියන්න පටන් ගන්නවා ඩියන් දැක්කා. අම්මා අප්පාගෙන් තියා ජනාධිපති ගෙන් කෝල් එකක් ආවත් ක්ලයන්ට් මීටීන් එකක් මැද්දේ ආන්ස්වර් නොකරන ජාන් අන්සර් කරන්නේ සනෙම්ගේ කෝල් විතරයි කියලා ඩියන් දන්නවා. මේ නලියන්නෙ යන්නොන වෙලා කියන එකත් ඩියන් හොදටම දන්නවා...

මේ කතාවේ කොනක පටක් නොදන්නවා උනත්, මොන වැඩෙ තිබ්බත් සනෙම්ට ඕනේ උනොත් ජාන් වගේම ජාන්ට ඕනේ උනොත් සනෙම්ත් එකම විදියට දෙන්නා වෙනුවෙන් කැපවෙලා ඉන්නවා කියලා ඩියන් දැනගෙන හිටියා.

ඒ හින්දම ඩියන් ,

" Mr. නවාල් ඇත්තටම කිව්වොත් මම මේ ප්ලෑන් එක ගැන තව කතා කරන්න කැමති අපේ ඉන්ජීනියරින් ටීම් එකත් එක්කම. ඒනිසා if you don't mind shall we move to their team table. It will be the perfect place to carry out our discussion further "

කියලා ජාන් දිහාවට හැරිලා,

" Mr. නවාල් අපිට මේකට ජාන්ව ඕනේ නෑනේද? ජාන් මම මේක ක්ලැරිෆයි කරගෙන ඔයා ළගට ආවොත් කරදරයක් නෑනේද මචං , ඔයා හිතන්නෙ කොහොමද වැඩෙ හොඳ?"

කියලා ජාන්ගෙන් ඇහුවා.

" ඔව් ඩියන් ඒක පහසුවක් වෙයි අපිට. thank you for your suggestion මචං.නවාල් මචං can you carry out the meeting that way? Will that be comfortable for you?" කියලා ජාන් කිව්වා.

ඒ වෙද්දිත් ඩියන් නවාල් එක්ක ජාන්ගේ කැබින් එකෙන් ඇවිදන් ගිහින් ඉවරයි. මූ වගේ පාට්නර් කෙනෙක් නොහිටියා නම් මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව ජාන් කැබින් එකෙන් එලියට පැනගත්තෙ සනෙම්ට මොනා වෙලාද කියලා හිතගන්න බැරුව .
පුලුවන් තරම් උපරිම වේගෙන් හිල් සයිඩ් රෙසිඩන්සීස් වලට ඩ්‍රයිව් කරන්න ගත්තේ ඒ නිසාමයි.

Give me the WingsWhere stories live. Discover now