11. Bon fire

29 5 21
                                    


11 කොටස

ජාන් ගැස්සිලා ඇහැරුනේ ෆෝන් එකේ සද්දෙට. ඒවෙනකොටත් සනෙම් එයාගේ පපුවට තුරුලුවෙලා හොඳටම නිදි. සනෙම්ව එහෙම්මම පපුවෙන් මෑත් කරලා ජාන් ෆෝන් එකට අත දික් කරනකොටම සනෙම් ඇහැරුනා.

සනෙම් ඇස් දෙක පිහදාන ගමන් "ඇයි බබා" කියලා ජාන්ගෙන් ඇහුවේ ජාන්ගේ පපුව ආයේමත් සිපගන්න ගමන්.
ඒත් එක්කම සනෙම්ගේ ෆෝන් එකත් පිස්සුවෙන් වගේ කෑගහන්න ගත්තා. කොටින්ම අපාර්ට්මන්ට් එකේ ලැන්ඩ් ලයින් එකත් එක්කම.

ජාන් ෆෝන් එක අරගෙන පික් කරන් එලියට ගියේ අපාර්ට්මන්ට් එකේ ලැන්ඩ් ලයින් එක ආන්ස්වර් කරන්න හිතාගෙන. එආයා ඒ අතරදි තමන්ගේ ෆෝන් එක අතට ගත්තේ කෝල් එක කාගෙන්ද බලාගෙන.

ඔෆිස් එකෙන්. සනෙම් ආන්ස්වර් කරන්න හදනකොටම කෝල් එක කට් උනෙත් ජාන් දූවගෙන ඇවිත් ෆෝන් එක උදුරගත්තෙත් එකටම වගේ.

"ෆෝන් එක පැත්තකට දාන්න බබා. You don't have to pick this call. ටක් ගාලා වොශ් එකක් අරන් වෝ ඩ්‍රොබ් එකට මං ඔයාට ඇදුම් ගෙනත් දැම්මා. ඒකෙන් කම්ෆි ඇදුමක් අරගෙන ඇදගන්න"
"We need to hurry to the office"

සනෙම් මොකුත්ම හිතාගන්න බැරුව අන්දමන්ද වෙලා ඉන්නකොට ජාන් සනෙම්ගේ ෆෝන් එක උදුරගෙන රූම් එකේ දොරත් වහගෙන එලියට ගියා.

සනෙම් ඉක්මනට ඇදගෙන එලියට එද්දිත් ජාන් හිටියේ කෝල් එකක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සනෙම් ඉක්මනට ඇදගෙන එලියට එද්දිත් ජාන් හිටියේ කෝල් එකක. ඒ උනත් ජාන් ලෑස්ති වෙලා හිටියා. කෝල් එක එහෙම්මම කට් කරපු ජාන් වචනයක්වත් නොකියා සනෙම්ව තදින් සිප ගන්න පටන් ගත්තේ සනෙම්ට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා..

" ඇයි රං මේ" කියලා සනෙම් අහගත්තේ ලැබුනු පළවෙනි මොහොතෙමයි.
වචනෙකින්වත් මොකුත්ම නොකියපු ජාන් සනෙම්ව එහෙම්මම තුරුල් කරන් හිටියා.
"අපි යං"
කියලා ජාන් කිව්වෙ ඒ අතරතුරේදී. හිතාගන්න බැරි විදියට කවමදාවත් නැතිව සනෙම්ගේ අත්දෙකෙන්ම අල්ලගෙන ඉන්න ජාන් සනෙම්ට මහ පුදුමයක් ගෙනත් දුන්නා විතරයි .

ජාන් එක්ක වාහනේට නැගලා, ඒත් ජාන් ගෙන් වචනයක්වත් නැති නිසාම සනෙම් රේඩියෝ එක ඔන් කරන්න හැදුවා.
ජාන් ඒකට ඉඩ දුන්නෙත් නැ. සනෙම්ට දැනෙන්නෙ මහ බයක්.
" මොකද වෙලා තියෙන්නෙ කියලා මට කියනවද මිස්ටර් විනිත්" සනෙම් ඇහුවේ ඉවසීමෙ කෙලවරට ඇවිත් නිසා.
" මට කිසිම දවසක සතුට උරුම නෑ සනෙම්" ජාන් එහෙම කියාගත්තේ බොහොම අමාරුවෙන්.

" මං මහ අවාසනාවන්තයෙක්. මං ළග ඉන්න හැමෝටම අවාසනාව ගේනවා විතරයි" ජාන්ගේ වචනවල තිබ්බෙ මහ පසු තැවීමක්.
සනෙම් තවමත් ඉන්නෙ මොකුත්ම හිතාගන්න බැරුව.

අගක් මුලක් නැති ජාන්ගේ විකාර එක්කම එයාලා ශක්ති එකට ලගට එනකොට, ශක්ති එක වටේම මහ කලබලයක් තිබුනා. මීඩියා වල අය පිරිලා. ජාන්ට වාහනේ ගන්නවත් බැරි තරම් අවුල් නිසා එහෙමම ඉන්න සෙනගට නෝට් නොවෙන්න ජාන් වාහනේ රිවර්ස් කරගත්තෙ ඔෆිස් බිල්ඩින්ග් එකට එහා පැත්තෙ තියෙන ගේට් එකෙන් යන්න.
මොනවා නමුත් මහ භයානක දෙයක් තියෙන වග සනෙම්ට දැනුනා.

මේ හැම මගුලකින්ම බේරිලා ඔෆිස් එකට සනෙම්වත් ඇදගෙන ජාන් රින්ගගත්තේ බොහොම අමාරුවෙන්. ඔෆිස් එක ඇතුලට ආවට පස්සෙ ඩියන්ගෙ කැබින් එකට යනකොට ලීගල් ටීම් එක එතන හිටියා. ඒවෙද්දිත් ජාන් සනෙම්ගේ අතින් අල්ලගෙනමයි හිටියේ.
" අයිශුඔයා ඉදලා, ටීම් එකෙ අනිත් අය චුට්ටක් එලියට යන්න" ඩියන් එහෙම කිව්වෙ බරපතළ කටහඩකින්.
කට්ටිය ටක් ගාල ඩියන්ගෙ කැබින් එකෙන් එලියට යනකොට ඩියන් දුවගෙන වගේ ඇවිත් සනෙම්ව තුරුල් කරගත්තා.

"මොකද බං මේ වෙලා තියෙන්නෙ. අයියටයි මල්ලිටයි හැමොටමයි පිස්සුද?" සනෙම් කෑගහන්න ගත්තේ වියරුවෙන් වගේ..

"ශ්ශ්ශ්ශ් මගේ මූන්ලයිට්. චුට්ටක් කෑනුගහ ඉන්න අපි මේක විසදගමු." කියලා ඩියන් ටැබ් එක දික් කරා.
"අපි චුට්ටක් ෆේමස් වෙලා...... හැබැයි ටිකක් නරක විදියට" කියලා ඩියන් කිව්වෙ ටැබ්  එක සනෙම් බලන්න ගන්නකොටම වගේ..

"ශක්ති එකේ මුල් පුටු දෙකම අතේ නැලවෙන, නීතීඥ ගණිකාව" කියන හෙඩ් ලයින් එකත් එක්ක ඩියන් තමන්ගේ ඔලුව කිස් කරන පින්තූරෙකුත්, ජාන් තමන්ව කිස් කරන පින්තූරෙකුත් එක්ක ආර්ටිකල් එකක් ප්‍රසිද්ධ ගොසිප් සයිට් එකක පලවෙලා තිබ්බා සනෙම් දැක්කා.

මතුසම්බන්ධයී  🖤

Give me the WingsWhere stories live. Discover now