18.Clueless

23 3 4
                                    


නොනවත්වා නද දෙන   දුරකතනය නිසා ඇදට වෙලා ඉදලා එහෙමම නින්ද ගිය ජාන්ගේ නින්දට බාධා උනා. ජාන් නින්දෙන්ම ෆෝන් එක අතට අරන් ආන්සර් කරා..

"ජාන් ඒ ලේඩිගේ බ්ලඩ් රිපෝර්ට් එකේ රිස්සල්ට්ස් ආවා" එහා පැත්තෙන් ජාන් ගෙ මිතුරු ඩොකටර් කියනකොටම,
"Is it positive" ජාන් මැදින් පැනලා ඇහුවේ හිත නොසන්සුන් නිසාමයි.

"නැ නැ ගුඩ් නිව්ස් එකක්."
ජාන් හුමක් වත් නොගෙන හිටියා..
"රිපෝර්ට්ස් නෙගටිව්, උඹ වොරි උන නිසාමයි මං මේතරම් වතාවක් කෝල් කරේ බන්" එහැ පැත්තෙන් කියද්දී මොකක්දෝ නොදන්නා මූසල හැගීමකින් තමන්ව පිරිලා යනවා වගේ ජාන්ට දැනුනා..
"හරි මචන් තැන්ක් යු" ජාන් එහෙම කියලා කෝල් එක කට් කරේ සනෙම්ට කෝල් එකක් ගන්න කියලා හිතාගෙන.

මොන දේ කරත් එයා මේක දැනගන්නොන . ජාන් එහෙම හිතුවා. එහෙම හිතලා ෆෝන් එකේ ලොක් ස්ක්‍රීන් එක ඇරලා බලනකොට. වචනයක්වත් නැතුව තනි ඉරක් විතරක් තියෙන ප්‍රෙග්නන්සි ස්ට්‍රයිප්ස් දහයක් දොලහක් විතර එක පෙලට තියලා තිබ්බ ඵොටෝ කීපයක්ම ජාන්ට එවලා තිබ්බා, තව දුරටත් වට්ස් ඇප් එකේ ඩී පී එක නොපෙන්නන නිසා තමන්ව බ්ලොක් කරලා ඇති කියලා හිතුනත් කෝකටත් කියලා කෝල් කරන්න ට්‍රියි කරත් එක දිගම සම්බන්ධ කරගන්න බැ කියන රෙකෝර්ඩින් එක විතරක්ම ඇහෙනකොට ජාන් හැමදේම ඉවරෙටම ඉවරයි කියලා තේරුම් ගත්තා.

සනෙම්ා කරපු වැඩේත් එක්ක සමාවක් දෙන්න බැරි උනත්, මේ හැමදේකින්ම පස්සෙත් සනෙම්ා වැරදි නැ කියලා කියන හිතට ජාන් තරවටු කරගත්තේ හැමදෙයක්ම ඔප්පු කරන්න තරම් සමත් සාක්ශි කන්දක්ම සොනාලි තමන්ට දුන්නු ෆයිල් එකේ තිබුන නිසා.

ඒ සම්පූර්ණ ගොනුවම එහෙමම විසි කරලා දාපු ජාන්, එදා පර්ටි එකේදි තමන් සනෙම්ව නොනවත්වා සිපගනිමින් ඉන්න විඩියෝ එක තමන්ගේ ඇද ඉස්සරහ තියෙන ටීවී එකේ ප්ලේ කරලා රීප්ලේස් වෙන්න දැම්මේ තමන්ටම තේරුම් ගන්න බැරි හැගීම සමුදායක් හිතේ තෙරපෙද්දි.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Give me the WingsWhere stories live. Discover now