සනෙම් තමන්ගේ ඔෆිස් එකට යනකොට එහෙත් ගින්දර පත්තු වෙලා. මීඩියා කීපයකින්ම සනෙම්ගේ ඔෆිස් එකට වට වෙලා හිටිය නිසාම සනෙම්ට තමන්ගේ වාහනේ ගන්නවත් බැරි උනා. ඒ හින්දම වාහනෙන් එලියට සනෙම් බහින්න තීරණය කරේ මේ දේවල් වලට මීට වඩා ශක්තිමත්ව මුහුණ දෙන සනෙම්ව තමන්ගෙන් එලියට ගන්න ගමන්."මැඩම් සනෙම්. මේ තියෙන තත්වේ ගැන අපිට කියන්න"
"මොකක්ද මෙතන උනේ"
"ඊළග පරම්පරාවට ආදර්ශයක් දෙන විදියට වැඩකරන්න ඕනේ කෙනෙක් විදියට ඇයි මෙහෙම හැසිරෙන්නේ"
වගේ ප්රශ්න කන්දරාවක් සනෙම්ට එල්ල උනේ වාහනෙන් බහිනකොටමයි." හැමෝම අඩියක් පස්සට යන්න"
සනෙම් තරම්න්ගේ ගැඹුරු කටහඩින් කිව්වා.." මම මගේ පෞද්ගලික ජීවිතේදී පිරිමියෙක් එක්ක හෝ දෙන්නෙක් එක්ක හෝ එහෙමත් නැත්තම් ගෑනියෙක් එක්ක හරි සම්බන්ධකමක් පවත්වනවාද කියන එක මගේ පෞද්ගලික තීරණයක්. ඒකට මගේ ව්ෘත්තීය ජීවිතේ කිසිසේත්ම අදාල නැ. මට වැඩිහිටි ගෑනියෙක් විදියට මගේ ඇදේ ඉන්න මිනිහා හෝ ගෑනි කවුද කියන එක වගේම කීදෙනෙක් ඉන්නවද කියලා තීරණය කරගන්න පුලුවන් මේ රටේ තියෙන නීතිය අනුව. මම නීතියට අනුව කිසිම වරදක් කරලා නැති නිසාත්, මේක තනිකරම පෞද්ගලික ජීවිතයට අදාල වෙන දෙයක් නිසාත් මම හිතනවා මේකේ ප්රවෘත්ති මවන්න තරම් තත්වයක් නැ කියලා."
සනෙම් හොඳ හුස්මක් ගත්තා.
" එහෙම උනත් මේ අවස්ථාවේ මම පැහැදිලිවම කියන්න කැමතී. ශක්ති එකයි මගෙයි අතරේ තියෙන්නෙ ව්යාපාරික සම්බන්ධයක් විතරයි. ඩියන් මගේ ළග මිතුරෙක් උනාට ජාන් කියන්නෙ මම සේවාවක් සපයන ආයතනයක ප්රධානියෙක් ඒඑ හැර වෙන කිසිම ආකාරයක සම්බන්ධයක් අපි අතරේ නෑ"එහෙම කිව්ව සනෙම් තමන්ගේ ඔෆිස් එක දිහාවට ඇවිදන් යන්න ගත්තා.
" එතකොට අර තිබ්බ ෆොටො විඩියෝ"
සනෙම් ආපහු හැරිලා කට කොනකට හිනාවක් නගාගත්තා."It was my dirty little secret, but not anymore"
එහෙම කියපු සනෙම් කිසිම වෙනසක් නැතුව වටාපිටාවේ ඉන්න අයව ගනන් නොගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා.තමන් මේ කියපු කතා වල බරපතළ කම සනෙම් හොඳටම දැනගෙන හිටියත්, මේවගේ උත්තරයක් නොදී මේ කටවල් වහන්න බැ, තමන්ට රිදුන වග හන්ගන්න වෙන විදියක් නෑ කියලා තෙම්පරාදු වෙලා හිටපු සනෙම් දැනන් හිටියා.
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...