ජාන්ගෙන් එක පිට එක එන කෝල් මගැර ඇර හිටියා උනත් සනෙම්ට ඇත්තටම දැනුනේ කම්පනයක්. තමන් කරපු වැඩේ හරිද නැද්ද කියලා සනෙම්තමන්ගෙන්ම අහගත්තා. අපි යාලුවෝ විතරයි. ඇත්තටම මට අවුල් ගියේ වීනීත් මං වෙනුවෙන් කතා කරපු නැති නිසාද එහෙමත් නැත්තම් මට එයා බඳිනවා කිව්වම දුක හිතුනු නිසාද? සනෙම් තමන්ගෙන්ම අහගත්තා."ඔයා කෑවද?" 4න් එකේ ඩියන්ගෙ නමින් මෙසෙජ් එකක් පොප් අප් උනා.
"ඔහේගේ මිනිහා නම් අනාගෙන නාලා" ඒත් එක්කම දෙවනි මෙසෙජ් එකත් ආවා.."We are just friends" සනෙම්තමන්ගේ උත්තරේ සටහන් කරා.
"Friends!!!!! My ass!!!!" ආව උත්තරේ ඒක. සනෙම් ෆෝන් එක පැත්තකට දාලා තමන් ළඟ තිබුනු ජාන්ගේ ශර්ට් එකක් තුරුල් කරගෙනම ඇදට ගුලි උනා..
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++"තමුන් මගෙන් මැරුම් කන්න එපා. කවුද තමුන්ට මෙහෙම කරන්න කිව්වේ"
ජාන්ගේ කටහඩ දෙදරන්න ගත්තෙ මුලු ඔෆිස් එකටම ඇහෙන විදියට,සනෙම්වගේම ඩියන් උත් තමන්ගේ කැබින් වලින් එලියට දුවගෙන ආවා.සනෙම්ගේ ටීම් එකේ ගැනූ ළමයෙක් ජාන් ඉස්සරහා බය වෙලා වගෙ බලන් ඉන්නවා සනෙම්දැක්කා. කවදාවත් සනෙම්තමන්ගේ ටීම් එකේ අයට පිට මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න නොදෙන නිසා,
"මොකද්ද මිස්ටර් ජාන් මෙතන වෙන්නෙ, මේ ළමයි අතින් වරදක් උනොත් මට කියන්න. මට පුලුවන් එයාලා එක්ක කතා කරන්න. ඔහොම ප්‍රසිද්ධියේ කෑඅගහන්න එපා"
සනෙම් එහෙම කියන ගමන් ජාන් ලගට ගියා."මොකද්ද දරුවෝ සොනාලි උනේ, ඇයි මිස්ටර් ජාන් මේ කෑගහන්නේ"
සනෙම්ඇහුවත් උත්තරයක් ලැබුනේ නැ."ඔයා කිරි පොවන්නේ සර්ප පැටවුන්ට සනෙම්ා.."
ජාන් එහෙම කිව්වේ සනෙම් දිහාවට මලානික හිනාවක් පා කරන ගමන්."දැන්වත් කියන්වා කවුද කරන්න කිව්වේ" ජාන් ආයේ කෑගැහුවා.
සනෙම්ජාන්ව නවත්තන්න යද්දි සොනාලි කට ඇරියා."සනෙම් මැඩම් තමයි එහෙම කරන්න කිව්වෙ. සනෙම්මැඩම් කිව්වා සර්ගේ මැරේජ් එක නවත්තන්න මීට වඩා දෙයක් උනත් කරන්න ලැස්තී කියලා. මැඩම්ගේ ප්ලෑඅන් එකේ ඊළැගට තිබ්බෙ සර් නිසා ප්‍රෙග්නන්ට් උනා කියලා කියන්න. ඒකේ රිපෝර්ට් තමයි මේ තියෙන්නේ. මැඩම් කොහොමත් ප්‍රෙග්නන්ට් සර්ගෙන් හන්ගන් හිටියේ මේ වෙලාවේ එලියට දාන්න සර්ගේ පිට පටවලා. අහක ඉන්න මාව මේවාට පටලවගත්තට මට කරන්න දෙයක් නැ සර්" කිසිම තෙතමනයක් නැති හඬකින් කියපු සොනාලි ෆයිල් එකක් ඇදලා අරන් ජාන්ට දුන්නා..
සනෙම්ට මේ හැමදේම ඇහුනේ හීනෙන් වගේ, ඒ අතරම ජාන් "ඔයා කිරි පොවන්නේ සර්ප පැටවුන්ට සනෙම්ා.." කියලා කියපු වචන සනෙම්ගේ කනේ දෝන්කාර දෙන්න පටන් ගත්තා...
ඒ වචන ඇහෙනවත් එක්කම සනෙම්දිහාවට කඩාගෙන ආපු ජාන්.
"Is it true ? just tell me is it true. Are you pregnant" සනෙම්බිමට කඩාගෙන වැටෙද්දී සනෙම්ව උරහිසෙන් අල්ලගෙන හොලවන ගමන් ජාන් ඇහුවා, සනෙම්ට හැමදේම බ්ලැක් අවුට් උනා විතරක් මතකයි.+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
"No I'm not.. No I'm not..."
සනෙම්අවදි උනේ එහෙම කියන ගමන්. සනෙම්හිටියේ ඩියන්ගේ කැබින් එකේ සොෆා එකේ.සනෙම්ාගෙ ලගම ජාන් වගේම ඩියන් උත් හිටන් හිටියා.
"අනේ ඩියන් මම ප්‍රෙග්නන්ට් නෑ, අනේ නැ,, මට බබෙක් හම්බවෙන්න නැ, අනෙ අනේ, අනේ මම මේ කිසි දෙයක් දන්නෙ නැ"
සනෙම්එක සීරුවට අඩන්න ගත්තා...ඩියන් මෙ වෙලාවේ හිටියේ දෙලොවක් අතර, ජාන් ඉස්සරහට ආවේ යකෙක් වගේ..
ඒ ආව වේගෙට ගහයි කියලා බයට වගේ රයා ඉන්න් තැනම ගුලි උනා. ඩියන් ඉක්මනට ඉස්සරහට පැනලා සනෙම්ව කවර් කරගත්තා.
"අයියා මේක කතා කරන්න හොඳ වෙලාවක් නෙමෙයි"
ඩියන් එහෙම කියද්දි විනීතී නෝන්ඩියට හිනා උනා."තමුනුත් මේවට සම්බන්ධයිද?..... මම හීනෙකින් වත් හිතුවේ නැ සනෙම්තමුසේ මෙහෙම කරයි කියලා, මොනවද මේ රිපෝර්ට් . ඒකද තමුසේ මට ප්‍රොටෙක්ශන් යූස් කරන්න ඉඩ නොදුන්නේ, මෙකද තමුසෙගෙ ප්ලැන් එක" ජාන් අහනකොට,
"තමුසෙලාගේ පර්සනල් දේවල් මට අහන්නෝන නෑ ජාන්, මේ මනුස්සයා ශොක් වෙලා ඉන්නේ. තමුසෙට පොඩ්ඩක් කටවහගෙන යන්න පුලුවන්ද දෙය්යන්ගේ නාමෙට"
ඩියන් එහෙම ඇහුවම දොර මහ සද්දෙන් වහගෙන ජාන් යන්න ගියා.සනෙම් එහෙමම ඩියන්ට තුරුල් වෙලා අඩන්න ගත්තෙ කිසිම දෙයක් හිතාගන්න බැරුව.
"මම දන්නවා අක්කා ඔයා මේක කරේ නෑ කියලා. ඒත් මම නොදන්නේ මේක කවුද කරේ කියලා විතරයි"ඩියන් එහෙමම සනෙම්ව තදකරලා තුරුල් කරගත්තා..
මතුසම්බන්ධයී 🖤
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...