සනෙම් ඊයේ ඉදන් ඉන්නෙ පුදුම තරම් කේන්තියකින්. ඒකට හේතුව වෙන මොකුත් නෙමෙයි. එයාගේ ට්‍රේනින් ස්කූල් එකේ ළමයෙක්ට එයාලගේ ක්ලයන්ට් කෙනෙක් අයුතු විදියේ යෝජනාවක් කරලා. මේ ෆීල්ඩ් එකේ ඒවා හරි සාමාන්‍යයි. නමුත් සනෙම්ට කේන්ති යන්න හේතුව give the wings එක කොයිම වෙලාවක වත් ඒවා ඉවසන්නෙ නෑ කියලා එයාලගේ පොලිසි එකේම තිබ්බට , ඒ ක්ලයන්ට එක්කට ඩීල් කරපු සීනියර් ඒ ළමයා කම්ප්ලේන් කර්පු වෙලාවේ ඒ ජුනියර් ලෝයර්ට බැනලා ඒ ළමයා ලව්වා අර ක්ලන්ට් ගෙන් සමාව ඉල්ලන්න කියලා....
සනෙම් මේක දැනගත්ත වෙලාවේ ඉදන් ඉන්නෙ පුපුර පුපුර.
එයාගේ කාමරේ දොර හෙමීට ඇරෙන සද්දෙත් එක්ක සනෙම් පියවි සිහියට ආවා. ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටල එයා කඩාගෙන බිඳගෙන දොරගාවට ගියෙ වෙඩිල්ලක් වගේ." ඕයි මිනිහෝ, මම තමුසෙට කියලා තියෙනවා මේකේ වැඩ කෙරෙන්නෝන මට ඕනේ විදියට කියලා. මේකෙ එකේකාට ඕනේ ඔනේ විදියට නටන්න මං නාඩගම් මඩුවක් හැදුවෙ නැ $සි ගේ පුතෝ" කියාගෙන එයා ගිහින් දොරෙන් ඇතුලට ආපු මනුස්සයගේ බෙල්ලෙන් අල්ලගත්තා.
"තමුසේ දැනගන්නවා, තමුසේ කවුරු උනත් මොකෙක් උනත්, කොච්චර සීනියර් $කෙක් උනත් මට වැදගත් මගේ ළමයි වගේ හදන උන් ටික කියලා" එයා තව දුරටත් කෑගහන්න ගත්තේ පිස්සුවෙන් වගේ.
මේවගේ සිද්ධි මේ ආයතනයේ වැඩිය දකින්න හම්බ වෙන්නෙ නැ.ඇරුන දොර තාම වැහිලා නැති නිසාම හැමෝම පුදුමයෙන් වගේ බලන් ඉන්නේ ඒකයි. සනෙම් ස්වභාවයෙන්ම හරි දැඩි නමුත් මිත්‍රශීලී බොස් කෙනෙක් විදියටයි හැමෝම අතර ප්‍රසිද්ධ.
වෙඩි උන්ඩ වගෙ සට පට සට පට ගාලා සනෙම්ගේ කටින් පිටවෙන වචන දිහාවට හැමෝම පුදුමයෙන් වගේ බලන් ඉන්නවා. හැමෝටම මේ සිද්ධිය අදහගන්නවත් බැ. හැමෝම හිතුවේ මේ වෙලාවේ සම්පූර්ණ වැරද්ද අර ජූනියර් ලෝයට යයි කියලා. මොකද මේ ක්ලයන්ට් මේ ආයතනය එක්ක දිගටම වැඩ කරපු කෙනෙක්.
"සනෙම් ක්ක් චු ට්ට්ක් අහ්....න්න එයා අපිට මොන තරම් වැදගත් ක්ල්යන්ට් කෙනෙක්ද කියලා ඔයා දන්නවා සනෙම්. මට ඒ වෙලාවේ වැදගත් උනේ ඒක" කියලා ශේන් කියවන්න ගත්තේ මේ වෙලාවේ...
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...