"It was my dirty little secret, but not anymore"
කයිරාගේ මූණ තිබුනේ කේන්තියෙන් රතුවෙලා.
"It was my dirty little secret, but not anymore""මේ ගෑනි මෙච්චරයි ඕයී මේ සම්පූර්ණ නාඩගමට දුන්නු උත්තරේ.." කයිරා කියවන්න ගත්තෙ කේන්තියෙන් පුපුරන ගමන්.
"ශේන් තමුසේ මහලොකුවට කිව්වේ... එකීට රෙපිටේශන් එක තමයි හැම දේම කියලා.. "It was my dirty little secret, but not anymore" මෙචචර නාඩගමකට පස්සෙ එච්චර ට්‍රෙන්ඩින් උන විඩීයෝ එකක් එලියට ආවට පස්සෙත් එකීගේ මූනේ දුකක සලකුනක්වත් ඇත්තේ නැ. ඒක හරිම සාමාන්‍ය දෙයක් වගේ හැසිරුනේ.."
කයිරාගෙ කියවීමට ඉවරයක් නැ." අන්තිමට ඒකී එක්ක අවුලක් යන්න දෙයක් තිබ්බෙ මට, මේ ඔක්කොම මගුල් වලට අන්තිමට පැටලෙන්නෙ මාව. මම ඒක හොදටම දන්නවා. අර ඇට ලබ්බෙ කොල්ලෙක් නිසා ඕකි මගේ නඩු වලිනුත් අයින් උනේ... එච්චර ප්‍රශ්නයක් වෙලත් එකී කිසිම කේස් එකක් එලියට නොගෙනාපු සිටුආශන් එකක තමයි ශේන් තමුන්ගේ උවමනාවට මම මේකට ඕනේ කරන හැමදේම ලෑස්ති කරේ"
CA එකේ ප්‍රසිඩන්ට් ජුවාන් එහෙන් කියවන්න ගත්තා..
ශේන්ට දැනුනේ පුදුම කම්පනයක් වගේම කේන්තියක්, මේ වැඩේට තමන්ට වඩා උවමනාව තිබුනේ මේ මිනිස්සුන්ට. තමන්ට සනෙම්එක්ක ගැටලුවක් තිබුනා උනත් මේ තරම් ලොකුවට අපකිර්තියක් ඇති කරන්න උවමනාවක් තමන්ට තිබුනේ නැ කියලා ශේන් දැනගෙන හිටියා. ඒත් මේ දෙන්නම තමාට වඩා බලවත් නිසාම කියන කියන කියන විදියට තමන් වැඩ කරා මිසක් මේ කිසිම දෙයක් තමන්ගේ උවමනාවට විතරක් උනේ නැ කියලා කියන්න හිතුනත් ශේන් කට්වහගෙන ඉන්න තීරණය කරේ සනෙම්ාවත් තමන්ගෙ සහයට ගන්න විදියක් නැති නිසාමයි. තමන් කරන කියන දේවල් තමන්වම දඩයම් කරයි කියන බය පළවෙනි වතාවට ශේන්ට දැනුනා. ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරන්වා ඇර වෙන විසදුමක් නැති බව ශේන්ට තේරුනා.."කලබල වෙන්න එපා කයිරා..."
ශේන් කියද්දිම"කයිර.. කයිරා.. තමුන්ට මාව පේන්නේ අර නාඩගම් කාරි වගේද . මට නම කියලා කතා කරන්නේ, තමුන්ට වඩා මන් කොයි තරම් සිනීයර්ද මනුස්සයෝ මැඩම් කියලා කතා කරනවා" කයිරාගේ හෙන ගෙඩි වගේ පුපුරන සද්දේ පත්තු උනා.
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...