19 Can history repeats?

25 3 10
                                    



මීට අවුරුදු හතකට විතර කලින්, ජාන්ව සනෙම්ට බාර් එකේදි හම්බුන දවසට කලින් දවසක හවස,

සනෙම් කයිරා එක්ක එකතු වෙලා ලොකු වැඩක නිරත වෙලා හිටියේ. ඇත්තටම කිව්වොත් සනෙම් මෙ වෙද්දී කයිරා තරම් අත්දැකීම් නැති උනත් කයිරා තරමටම දක්ශ විදියට වඩ කරන්න පුරුදු වෙලා හිටියා. ඒනිසාම කයිරාගේ චේම්බර් එකේ කයිරා කරගෙන තිබ්බ මෙස් වලින් භාගයක් විතර තාමත් ඒතරම් අත්දැකීම් නැති තරුණ නීතීඥ සනෙම්ගේ පිට පැටවිලා තිබ්බ කිව්වෝත් වැරදි නැ. මේ වෙද්දි සනෙම් වැඩ කරන්න පටන් අරන් අවුරුදු හතක් විතර.
සනෙම් දිවුරුම් දුන්නු දවසේ ඒ උත්සවේ ඉවර වෙලා යද්දී සනෙම් අම්මගෙයි තාතගෙනුයි චුට්ටක් අයින් වෙලා කාර් එක අරන් එන්න ගියේ උසාවිය කිට්ටුව කාර් පාර්ක් එකක්වත් නැති නිසා ටිකක් දුරින් කාර් එක පාර්ක් කරපු නිසා. සනෙම් වාහනේ අරන් එනකන් කියලා අම්මයි තාත්තයි දෙන්නා උසාවිය පැත්තෙ ඉදන් හෙමින් හෙමින් පාර දිගේ ඇවිදන් ආවා, කාර් එක දැක්ක ගමන්  පාර පනිනකොට හිතාගන්න බැරි තරම් වේගෙකින් ආපු වහනයක් එකක් එයාලව යට කරන් ගියෙත් සනෙම්ගේ ඇස් ඉස්ස්‍රහම ඒ ද්දෙන්නම එකටම ඇස් පියාගත්තෙත් එකම මොහොතේ.
එතනින් පස්සෙ සනෙම්ගේ පළවෙනි නඩුව වෙන්නෙත් සනෙම් ප්‍රසිද්ධ වෙන්නෙත් ඒ නඩුව කරලා. ඒ වෙද්දි බලය නොතිබුනු නමුත් දේශපාලන බවුලක් පුතෙක් එලෝපු ඒ වහනේ නඩුවට ඒ වෙනකොට අත්දැකීම් බහුල නිතීඥයෝ ගනනාවක් ඉදිරිපත් උනත් සනෙම් ඒ නඩුව දිනුවෙ අවුරුදු තුනකටත් වඩා උනු මහන්සියකින්. සනෙම් කයිර ළග වැඩ කරන්න ගන්නෙ ඒ නඩුව ඉවර උනාට පස්සෙ. එදා ඉදන් පවුලක් විශේශ කෙනෙක් තමන්ගේ ජීවිතෙ නොහිටි සනෙම්ගේ එකම නවතැන උනේ චේම්බර් එක.

කයිරා එක්ක එකතු වෙලා සනෙම් වැඩ කරත්, සනෙම් කයිරට තමන්ගේ අම්මා වගේ සෑකුවත් කයිරගේ ඒ හැගීම ඇත්ත්ටම තිබ්බද කියලා අනිත් කාට්වත්ම පෙනුනේ නැ. එදා සනෙම් අතින් අතපසු වීමකින් ඊලඟ දවසට නියමිත ෆයිල් එකක් ක්ලයන්ට් ගෙන් ඉල්ලගන්න බැරි වෙලා තිබුන නිසාම කයිරාට මරුවා ආවේස වෙලා හිටියේ. ඒනිසාම සනෙම් ඒ වෙලාව ටිකක් රැ උනත් ක්ලයන්ට්ගෙ ඔෆිස් එකට තනියමම ගියෙ කයිරාගෙ බැනුම් වලටත් වඩා ඊළග දවසේ නඩුවට තමන්ට මේක අතාවශ්‍යම හින්දා.

Give me the WingsWhere stories live. Discover now