ජාන් හිටියේ හරිම කම්පනයකින්, ජාන්ට කිසිම දෙයක් හිතාගන්න බැරි තරමට එයා කැළබිලා හිටියා.. සනෙම්එයා විස්වාස කරපු මිනිස්සුන්ගෙන් උඩම හිටියේ. ජාන් සොනාලි දුන්නු ෆයිල් එක පෙරලලා බැලුවා. ඒක අනුව සනෙම් මාස තුනක ගැබනියක්. මෙහෙමත් තියාගෙනද මෙකි මාත් ඒක්ක බිව්වෙ. එකට හිටියේ.."
ජාන් කල්පනා කරා. එක්කො මේක හදපු රිපෝර්ට් එකක් වෙන්න ඇති ජාන් අනිත් අතට කල්පනා කරා...
"මේ බබා ඩියන්ගේ වෙන්න බැරිද? ජාන් ඒකද මේතරම්මම සනෙම් ගැන වද වෙන්නේ?" ජාන්ගේ ඔලුව යකාගෙ කම්මලක් වගේ.
ජීවිතේ එක පරිච්ඡෙදයක් හරිම නරක විදියට ඉවර උනා කියලා ජාන්ට දැනුනා.ඔෆිස් එකේ හැමෝම වගේ ඔෆිස් ඉවර වෙලා ගිහින්. කෝමත් සනෙම් පැය දෙකකටත් වඩා සිහි නැතුව හිටියා. ඒනිසාම ඩොක්ටර් කෙනෙක් ගෙනත් සනෙම්ගේ සිටුවේශන් එක චෙක් කෙරෙව්වෙ. ඩොක්ටර් සනෙම්ට කිසිම ප්‍රශනයක් නැ කිව්වට පස්සෙ තමයි ජාන් කලබලේ අඩු උනේ. ඒවගේම සනෙම්ප් රෙග්නන්ට්ද බලන්න යූරින් රිපෝර්ට් එකක් ගන්න බැරි නිසා දොස්තරට බලෙන් වගේ බ්ලඩ් එකක් ටෙස්ට් කරන්න කියලා ජාන් බලකපු නිසාම ඩොක්ටර් ගියේ බ්ලඩ් සාම්පල් එකකුත් අරගෙන.
ජාන් කැබින් එකෙන් එලියට එනකොට ඩියන් සනෙම්වත් වත්තම් කරගෙන එනවා ජාන්ට පෙනුනා.
සනෙම්ගෙ මූණ අඩලම ඉදිමිලා. ජාන් සනෙම් මෙහෙම අසරණ වෙලා ඉන්නවා කවදාවත්ම දැකලා නෑ.
සනෙම් දුවගෙන වගේ ජාන් ලගට ආවා."ඔයාට මාව පොඩ්ඩක්වත් විස්වාස නැද්ද ජාන්" සනෙම් එහෙම ඇහුවේ මාරම අසරණ කමකින්.
"මට ඔයාව විස්වාස කරන්න තරම් දෙයක් ඔයා ඉතුරුකරාද සනෙම්" ජාන් කිව්වා..
"රෙකෝර්ඩින්, ඩොකියුමන්ට්ස්, ඒ මදිවට ඔයා ඕඩරේ දෙන විඩීයෝස් පවා එතන තිබ්බට පස්සෙත් ඔයා මගෙන් අහනවා විස්වාසද කියලා. මම කොහොම විස්වාස කරන්නද සනෙම්"
ජාන් කිව්වෙ කිසිම හැගීමකින් තොරව."ඒ හැම දේටම වඩා ඔයාට මාව විස්වාස නැද්ද" සනෙම් ඇහුවේ පුදුම අසරණ කමකින්.
"විස්වාස කරන්න තිබුනා. ඔයා මගේ යාලුවෙක්වත් උනා නම්. I was your dirty little secret නේ සනෙම්. ඒ ඩර්ට් අපේ මුලු ජිවීතේම ගැවුන එක තමයි දුක. ඔයාව දකින්නෙ නැතුව ඉන්න තමයි මම ඇත්තටම කැමති." ජාන් එහෙම කිව්වා..
"හ්ම්ම්ම්ම්ම්.. මට මෙහෙ ප්‍රොජෙක්ට් එකෙන් මගේ ටීම් එක එක්කම රිසයින් කරගන්න පුලුවන් විදියට ඕනේ ඩොකියුමන්ට්ස් උයි බ්රීච් එකකකදි ගෙවන්නොන ෆයින් එකේ ගානයි එවන්න ජාන්. මම සෙට්ල් කරන්නම්." සනෙම් හරිම ප්‍රොෆෙශනල් විදියට කිව්වා
"ඔයාගේ බඩේ ඉන්න මගේ දරුවගේ ජිවිතේ සෙට්ල් කරන්නේ කවුද සනෙම්"
ජාන් ඇහුවෙ අඩන්න ඔන්න මෙන්න වගේ..
"මගෙ බඩේ ඔයාගෙ දරුවෙක් නැ ජාන්. මම ඔයාට වඩා ඒ ඩේවල් වලින් පරිස්සම් උනා. ඔයා ඒක දන්නවා. එහෙම එකක් මම නොදැනුවත්ව මගේ ශරීරයේ වෙලා තියෙනවා නම් ඩොන්ට් වොරි ඔයාට කවමදාවත් ඒ ගැන දැනගන්නවත් මම ඉඩ තියන්නෙ නැ"
සනෙම්එහෙම කියන් තනියමම ලිෆ්ට් එක දිහාවට ඇවිදගෙන ගියා.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++සනෙම් මුලින්ම එලියට ආපු ගමන්ම තමන් ප්‍රෙග්නන්ට්ද කියන එක දැනගන්නොන කියලා තීරණය කරා. කොහොමත් ඉරෙගියුලර් සර්කල් එකක් එක්ක ඉන්න තමන්ට ඒවගේ දෙයක් තමන්ගේ ශාරීරික වෙනස්කම් වලින් දැනගන්න අපහසුයි කියන එක සනෙම් දැනගෙන හිටිය නිසාම, මුලින්ම කරේ ෆාමසි එකකින් ප්‍රෙග්නන්සි ස්ට්‍රිප්ස් කන්දක් අරගන්න එක.
සනෙම් ගෙදර ගිය වෙලාවේ ඉදන් පිස්සුවෙන් වගේ එක දිගට කිහිපවතාවක්ම ස්ට්‍රිප්ස් චෙක් කරත් ඒ හැම එකකින්ම ආව එකම උත්තරේ නෙගටිව් කියන එක. සනෙම්ට එකාතකින් හරිම මූසල හැගීමක් දැනෙනකොට. අනිත් අතට තමන් නිදහස් කියන හැගීම දැනුනා. සනෙම් එහෙමම නිරුවතින් පැයක් විතර ශවර් එක යටට වෙලා තමන්ගේ හැගීම් දිය වෙලා යන්න ඉඩ දුන්නා.
බාත් රූම් එකෙන් එලියට ආපු සනෙම්ඒ ඔක්කොම ස්ට්‍රිප්ස් පේලියට තියලා ෆොටෝ එකක් අරන් ජාන්ට යවලා, ජාන්ගේ නම්බර්ස් ඔක්කොම බ්ලොක් කරලා දැම්මා.සනෙම්පියවි සිහියට ආපු ගමන් මුලින්ම කරේ සොනාලිව හම්බ වෙන්න උත්සහ කරන එක. කිසිම විදියකින් සොනාලිව සම්බන්ධ කරගන්න බැරි වෙනකොට සනෙම්ාට කරන්නෙ මොනවද කියල හිතාගන්න බැරි උනා. සනෙම් එහෙමම ෆෝන් එකත් පැත්තකට දාලා තමන්ගේ ඇදුම් ඔක්කොම අහකට දාල ජාන්ගේ ශර්ට් එකක් ඇදගෙන ඇදට වැටුනා.
මතුසම්බන්ධයී 🖤
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...