4 කොටස
ජාන්ට තනියම බොන එක එපා වෙලා තිබ්බෙ. එයා කොහොමත් තනියම බොන්න ආස නැ. එයා හිතුවා ඉතින් අර සිංගල් මෝල්ට් බෝතලයක් ගහන එයාට බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි ගහන මාව ගැලපෙයි කියලා.
එකාතකින් බෝතලෙත් අරන්. අනිත් අතින් බයිට් එකට කියලා ගත්තු හොට් බැටර් කට්ල් ෆිශ් එකත් අරන් ඒ කෙල්ල ලගට ලං වෙලා බලනකොට මේ කෙල්ල f&cked up කියලා ගහලා තියෙන චොක්ලට් කේක් එකක් බයිට් එකට තියාගෙන තමයි මේ සින්ගල් මෝල්ට් බෝතලේ හිස් කරන්නෙ කියලා ජාන් දැක්කා.
එක්කො මේකි ගොං ගහක් එහෙමත් නැත්තම් පට්ට බෙබියෙක් කියලා ජාන් හිතුවේ පැණි රස ජාති එක්ක විශේශයෙන්ම මෙහෙම අයිසින් කරපු කේක් එකක් එක්ක විස්කි ගහනවා කියන්නෙ ජීවිතේ සෑහෙන්න අමාරු වෙනවා කියලා ජාන් දන්න නිසා.
කෝකටත් කියලා ජාන් කෙල්ල එක්ක කතාවට මුල පිරුවා."මම ජාන්" ජාන් එහෙම කිව්වෙ කතාව පටන් ගන්න හිතාගෙන.
"Um Sanem, btw did I ask your f&$ name, no I didn't. Do I care about your &$ name? No I don't. Then wtf are you doing here?" කියලා සනෙම් ඇහුවා.දෙන්නටම හොඳටම වැදිලා හිටපු නිසාත් එතනින් පටන් ගත්තු කතාව නතර උනේ, ජාන්ගේ හිල් සයිඩ් රෙසිඩන්සීස් එකේ හතරවෙනි ෆ්ලෝර් එකේ 228 අපාර්ට්මන්ට් එකෙන්.
ඇත්තම කතාව කිව්වොත් දෙන්නා එදා එතනට ගිහින් කරපු එකම දේ අඩ අඩ දෙන්නගේ දුක කියපු එක. හැබැයි හැන්ග් ඕවර් එක කොච්චර නරක් උනාද කිව්වොත් එච්චර අමාරුවෙන් ඉන්න අතරෙදිත් තමන්ගේ ශරීර වලට දැනෙන ආකර්ශනය නවත්තගන්න දෙන්නටම පුලුවන් උනේ නැ.
" It was a chaos" ජාන්ගේ අපාර්ට්මන්ට් මැනේජර්ට ඒකේ කීලින් ලේඩි කියලා තිබ්බේ එහෙම. කේක්, අරක්කු, දෙන්නම එකතු වෙලා ත්‍රෝ අප් කරපුවා මුලු අපාර්ට්මන්ට් එකම විනාස කරලා තිබ්බා.
There was one thing missing. There weren't any condoms there.
ඒකට හේතුවක් තියෙනවා.
ඇත්තටම ඒ දෙන්නා බිව්වෙ පිස්සු කෙලියේ ඔක්කොම දේවල් සිද්ද උන වෙලාවේ ඒ දෙන්නගේ ශරීර පාවිච්චි කරන්න දෙන්නටම උවමනාවක් තිබුනේ නැ. ඒ වෙලාව පුරාවටම තමන්ගේ දුක කිය කිය අඩන්න කෙනෙක් විතරයි එයාලට ඕනේ උනේ.
පුලුවන් තරම් බීලා බීලා, දෙන්නා එකතු වෙලා දෙන්නගේ සිහින ගැන කතා කරන්න පටන් ගත්තා.
සනෙම් අදටත් වැඩියෙන්ම විදවන තමන්ගෙ තමන්ගේ සීනියර් ගෙ පිටුපෑමට ලක්වෙන්නෙත්, ජාන් තමන් පටන් ගත්තු ලොකුම බිස්නස් එක නිසා ණයකාරයෙක් වෙන්නෙත් මේ දවසේ.
සනෙම් ඒ වෙනකොටත් කයිරාස් චෙම්බර් එකේ සීනියර් ඇසෝසීයේට් කෙනෙක් විදියට වැඩකරන ගමන් ඉන්නෙ. එක දිගට එන නඩු එක එක දිනනකොට අවුරුදු පහක් ඇතුලත් තමන්ගෙ නම හදාගෙන චේම්බර් එකේ වීරයා වගේ හිටියේ සනෙම්.
ප්‍රොෆෙශනල් කැපැසිටි එකෙන් ගත්තම සනෙම් වගේ තරුණ කෙනෙක්ට ඒවගේ අවස්තාවක් හම්බෙන්නෙ හරිම කලාතුරකින්. සනෙම් විස්වාස කරපු විදියට ඒක එයාගේ දක්ශ කමටත් එහා ගිහින් කයිරා උදව් කරපු නිසා කියලා තමයි සනෙම් හිතන් හිටියේ. තමන් වගේම බර්ග සම්භවයක් තිබ්බ ක්‍රිස්තියානි පවුලක කෙල්ලෙක් උන නිසා කිසිම පවුල් පරිසරයක් නැතුව උනත් සනෙම්ව තමන්ගේ චේම්බ එකට එකතු කරගන්න කයිරා පසුබට උනේ නැ.
ඒ එකතු කරගැනීමත් එක්කම කයිරට කරගන්න බැරුව හිටිය වැඩ මහ කන්දරාවක් සනෙම් කරද්දි කයිරාගෙ නමත් සනෙම්ගේ නම වගේම බබලන්න පටන් ගත්තා. ඒත් සනෙම් හැමදාම විස්වාස කරේ කයිරාගේ නම නිසා සනෙම් තැනකට එනවා කියලා විතරයි.
සනෙම් ඇත්තටම කයිරට වඩා හුගක් බාල උන නිසා කයිරට සනෙම් සැලකුවේ තමන්ගෙම අම්මට වගේ. සීනියර් කෙනෙක්ගෙන් එහා ගිහින් සනෙම් කයිරට සැලකුවත් එක පාරටම හැම දේම විනාස වෙන්න ගියෙ එක මොහොතක් විතරයි.
මතුසම්බන්ධයී 🖤
YOU ARE READING
Give me the Wings
Romanceමේක ලියවෙන්නේ ටර්කි ටීවී සීරීස් එකක් උන Erkenci Kus එකට ෆෑන් ෆික්ශන් එකක් විදියට. මම අලුත් ඕතර් කෙනෙක්. මම පුංචි පුංචි කතා ලියනවා . නමුත් නවකතා ලියලා නැ. එරොටික්ස් නම් කොහොමටවත් නැ. ඒත් වට් පෑඩ් එකේ කියෝලම මං හිතුවා මටත් ඒවගේ ලියන්නොන කියලා. මේ තමයි...