03 කොටස

1.6K 366 111
                                    

"යුන්ගිකැත්....."
පින්කි යුන්ගි හියුන්ව දැක්ක ගමන් කරට පැන්නා. හරි දැන් හියුන් ඉවරයි..හියුන් ආවේ ඇයි කියලා දන්නේ නෑ ඒත් අද හියුන්ට පින්කිගෙන් ගැලවීමක් නෑ..

"යා.. ජන්ග්කුකා.. ඔතනට වෙලා මැජික් බලන්නේ නැතුව මෙහෙට ඇවිත් මේ කෙල්ලව මගේ කොන්ඩෙන් ගලවලා ගනින්කෝ😥"

පින්කි යුන්ගි හියුන්ගේ කොන්ඩෙන් ඇදගෙන ඉන්නේ. පව් මගේ හියුන් ඒත් කමක් නෑ මාව තනියම දාලා ගියානේ ඕකට ඔය පළිය තමා මගේ කෙල්ල ගන්නේ 😌

"යා.. යුන්ගිකැත්..ඔයා තවත් ලොතු පූතෙත් වෙලා"

"අනේ.. පින්කියා. අතාරින්න මයේ අම්මා.. මගේ කන් දෙක. ආව්.. ආව්.. කෑල්ලක් ගැලවුණා ද මන්දා 😣"

හොද වැඩේ හියුන්ට 😂 හියුන්ව දකිද්දී පින්කි කියන්නේ හියුන් පූසෙක් කියලා. ඒකට නමකුත් හොයා ගෙන.. යුන්ගිකැට්.. අම්මෝ මේ කෙල්ල නම් හියුන්ගේ කන් දෙක ගලවලා අතට ගන්නවා..

"යුන්ගිකැත්... මේ... තුතියා මාව අමතත තලානේ😒" හරි දැන් ඔය පටන් ගත්තේ මගේ ජාතකේ කන්න.. අනේ මන්දා අයිස් ක්‍රීම් බාර් දෙකක්ම අරන් දුන්නා කාටවත් කියන්න එපා කියලා. ඒත් ආව ගමන්ම යුන්ගි හියුන්ට කිව්වා.

ඇයි දන්නවාද මම කියන්න එපා කිව්වේ.. මොකද යුන්ගි හියුනුයි හොබී හියුනුයි මට පින්කිව අමතක උනා කියලා දැනගත්තා කියන්නේ බාල්කේ එල්ලලා බාබකිව් දාන වැඩක්. මොකද ඒ දෙන්නා මට වඩා පින්කිට පණ ඇරලා..

"ඇත්තද කුකියෝ මේ කියන්නේ 🤨?" හරිනේ ඒ පාර මේ පූස් තඩියත් පටන්ගත්තා..

"නෑ.. හියුන් මේ මට මීටින් එකක් තිබ්බා.. අනික්....මේ විනාඩි 30යි පරක්කු උනේ 😣"

"විනාඩි තිහ උනත් තුන් උනත් පින්කිව බලාගන්න එක උඹේ වැඩක්.. ආයේ මෙහෙම වෙන්න බෑ නේද පින්කියා.."

"ඒත තමා යුන්ගිකැත්.."

ශිට්. දැන් ටිකකට කලින් මරාගත්ත උන් දෙන්නාද මේ ඉන්නේ.. හැමදාම වෙන්නේ මේක තමා රණ්ඩු කරපු උන් හොද වෙනවා අහක යන අපි තමා තැලෙන්නේ..

මේවා දෙයියොම බලා ගන්න ඕන 😒🤥

"හියුන් ඔයා.. ආවද?" එකපාර ඔෆිස් එකට කඩන් පැන්නේ ටේමින්.. ඕකා ගැන කිව්වොත් තියෙන අන්තිම කැත පුරුද්ද තමා ඉන්නේ කවුද අදාළ නෑ දොරත් අරන් ඇතුළට එන එක.

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now