16 කොටස

1.1K 313 47
                                    

සිතුවිලි එක්ක තනිකම
පිරුණු ...
හදවත දැවෙයි මතකය
රැදුණු ...
දෝණිගේ හදවතේ ලෝකයක් වූ
පිරිමි හිත අද අසරණයි ...

_Pinocchio_

_____________________________________

Jungkook pov : ( flashback)

"ජීනී.... 😩"

" ඇයි බබා?"

"මට අයිස්ක්‍රීම් ඕන 😩!"

"අයියෝ බබා දැන් නේද චොකලට් අයිස් ක්‍රීම් කාලා ඉවර උනේ"

" ඔව් ඒත් මට දැන් ඕන මින්ට් අයිස්ක්‍රීම් 😫"

"අනේ බබා බලන්නකෝ දැන් වෙලාව 11 ත් පහුවෙලා. මේ රෑ අයිස්ක්‍රීම් කාලා ලෙඩ වෙන්නද ඕන හ්ම් 😕" ජින් හියුන් නූනා ළගට ගිහින් කිව්වේ දැනටමත් නූනා ඇති තරම් අයිස්ක්‍රීම් කාලා හියුන්ගේ වොලට් එක හිස් කරලා තියෙන නිසා 🙂

"හුවෑ....ඔම්මා මෙන්න .. ජීනි වෙනස් වෙලා හුවෑ😭එයා මට ආදරේ නැල්ලු... මම ඔම්මාට කියනවා හුවෑ😭💔"

හියුන් බෑ කිව්වා විතරයි නූනා නහයෙන් අඩන්න පටන් ගත්තා. නූනාගේ බබාට දැන් මාස අටක් වෙනවා. නූනා දැන් ඉදන්ම පොඩි එකෙක් වගේ 😂

"අනේ.. බබා.. අඩන්න එපා අනේ අපේ බබාට හොද නෑනේ 😕" හියුන්ගේ මූණ රෝදෙකට අහුවුණ තක්කාලි ගෙඩියක් වගේ. බලන්න වටිනවා.

"හුවෑ.. බබාට විතරද ආදරේ 😭 මගේ ජීනි මට ආදරේ නෑ.... මම මහත් වෙලා නිසා ඔයා මට කැමති නෑ නේද ජීනි 😭🤧 අප්පා... මම කැත වෙලා නිසානේ මේ ඔක්කොම.. මට කවුරුත් ආදරේ නෑ 😭😭"

හියුන් මං දිහා බැලුවේ මොනාහරි කරපන්කෝ කියන්න වගේ. ඒත් ඉතින් අහක යන නයි ඇගේ දාගෙන පසුකාලීනව දුක් විදින්නේ මොකටද 😌 මම අහක බලාගත්තා.. හැබැයි ඉතින් හියුන් උනත් පව් තමා..

"හරි හරි බබා.. කෝ මේ බලන්නකෝ..අඩන්න එපා හොදද? මම අයිස්ක්‍රීම් අරන් එන්නම් හරිනේ🙂" හියුන් කිව්වාම නූනා ඉක්මනට කදුළු පිහදාලා පොඩි එකෙක් වගේ හිනාවෙලා හියුන් දිහා බැලුවා.

"චින්චා ( ඇත්තටම ද?)🥺🥺?"

"ඔව්... හරිනේ දැන් අඩන්න එපා හොඳේ 🙂" කොහොමහරි හියුන් නූනාගේ නළළට කිස් එකකුත් දීලා කාර් එකේ කී එක අරන් එළියට ගියා.

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now