"මොකක් උඹ කියන්නෙ jeon enterprises වල CEO ජියෝන් ජන්ග්කුක් ගැනද?"
"නැතුව.. එයා තමයි මට මතක හැටියට පින්කිගේ අප්පා. අනික උඹ ඇයි ඒ ගැන ඇහුවේ? උඹ ජන්ග්කුක් කියන එකාව දන්නවද?"
මම අහද්දි ජිමින් ඔව් කියන්න ඔළුව වැනුවා.
"උඹ දන්නවනේ අර මම හදන්න ඉන්න Sweetheart' Love ෂොපින් මෝල් එක ගැන. ඒකට jeon enterprises වලින් තමා contract.දුන්නේ"
ආහ්.. ඒකයි එහෙනම් ජිමින් ජන්ග්කුක් ගැන දන්නේ.. ඇත්තටම මම පින්කිගේ අප්පා නිසා මිනිහා ගැන ටිකක් හොයලා බැලුවා. ඇත්තටම මිනිහා ලොකු බිස්නස් පොරක්. ඒ වගේම හැන්ඩ්සම්.. සැක්.. මාත් මොනවා හිතනවාද මන්දා 🙄
"ඒත් බං උඹට ෂුවර්ද ඔය උඹ කියන පින්කි... , ජන්ග්කුක්ගෙම දුව කියලා. නෑ මං අහන්නේ වෙන කෙනෙක්ගේ වෙන්නත් පුළුවන් නේ?" ඒ පාර මූට මොනවා වෙලාද?
"නෑ බං ඒ ජන්ග්කුක්ගෙම ළමයා තමා පින්කී කියන්නේ.. ඒත් ඇයි උඹ එහෙම ඇහුවේ?"
"මොකද මම දන්න තරමින් ජන්ග්කුක් මැරි කරලා නෑ.. ඉතින් ළමයෙක් ඉන්නේ කොහොමද?"
"එතකොට උඹ කියන්නෙ ජන්ග්කුක් මැරි කරන්නේ නැතුව ළමයෙක් හදාගෙන කියලාද?" ඒකනම් ටිකක් අමුතුයි.. ඇත්තටම පින්කි කියන්නේ ජන්ග්කුක්ගේ දුව නෙවෙයි ද?
"ඔව් බං ඒක තමයි මට තියෙන ප්‍රශ්නෙ?"
හහ්.. මූට මොකක්ද ඔච්චරටම තියෙන ප්‍රශ්නෙ 😒"මේ බං.. හියුන් එන්න කලින් මම එළියට පැනගන්නවා උඹ වරෙන් හොදද?"
"හරි" ඉතුරු පොත් ටිකත් බලන ගමන් මම උත්තර දුන්නා.
මම කිම් තේහියුන්.. education minister Kim yoojungගේ එකම පුතා. අප්පලාට ඕන විදියට වැඩ කරන්න මට බෑ. ඒ නිසයි මම ජිමින් එක්ක මෙහෙ නැවතිලා ඉන්නේ. ජිමින් කියන්නේ මගේ එකම යාළුවා. මිනිහා කොට උනාට පට්ට හොදයි. පොඩ්ඩ නැතත් වැලහින්නියක් වගේ ටැප් එක අරිනවා.එතකොට නම්ජුන් හියුන් කියන්නේ ජිමින්ගේ හියුන්.. මට පේන්නම බැරි චරිතයක් !!
පින්කිගේ චිත්‍රය හරිම ලස්සනයි. මොනාද නැතත් එයාගේ තුතීට චිත්‍ර අදින්න පුළුවන් 😂 ඒකනේ හොඩවැලේ පාට භාගෙට ගාලා තියෙන්නේ. අනේ මන්දා ජියෝන් ජන්ග්කුක් පින්කිගේ අප්පා නෙවෙයි නම් ? ඇයි මේ මිනිහා මේ කෙල්ලට මෙච්චර ආදරේ?
YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...