12 කොටස

1.1K 331 141
                                    

ජීවිතේ හරිම පුදුමාකාර යි. මෙහෙම කිව්වොත් සතුට කියන්නේ තාවකාලික දෙයක් කියලා. මම කිම් සෝක්ජින්.. World wide handsome Jin you know? හහ්.. ඔයාලා දන්නේ නෑනේ. එනිවේ..

මම මැරුණු කෙනෙක් ඒ මුළු ලෝකෙටම.. හැබැයි එදා මම ඇත්තටම මැරුණේ නෑ...

මම සතුටින් හිටියා. මගේ පවුලේ අම්මා තාත්තා , නංගි,මල්ලි එක්ක මං ගොඩක් සතුටින්.ඒත් ඒ සතුට තාවකාලික උනේ අප්පා අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනකම් විතරයි.

අප්පාට ඕන උනේ අධ්‍යාපන ඇමති වෙන්න. ඒ වෙනුවෙන් ඕන කරන සල්ලි වලට අප්පා මාව මැරි කරවව්වා. ඒක force marriage එකක් . MR. Jeon ගේ දුව සේහි එක්ක.. මම නැති උනා කියලා හිතුව සතුට මට ආපහු ලැබුණේ සේහි නිසා. එයාගේ අප්පා කොහොම උනත් සේහි මට ආදරය කළා. පරිස්සම් කළා. පළවෙනි වතාවට මම අප්පාට ස්තූතිවන්ත උනා සේහිව ගෙනත් දුන්නාට. ඊට පස්සේ තිබුනේ අමාරුම කාලේ.

හැම කතාවකම වසන්තය වගේම කුණාටුවත් අනාවැකි කියලා එන්නේ නෑ. අප්පා මගේ ජීවිතේ මදිවට මින්හිගේ ජීවිතෙනුත් සෙල්ලම් කරන්න පටන් ගත්තා. ටේ කියන්නේ මගේම අම්මාගේ පුතෙක් උනාට මින්හි කියන්නේ කුඩම්මාගේ ළමයෙක්. කොටින්ම අපි එකම අප්පාගේ ඔම්මලා දෙන්නෙක් ගේ දරුවෝ. ඒත් මම මින්හිටයි ටේටයි සැලකුවේ එක විදියට...

මගේ මින්හි කොලේජ් යන කාලේ කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා දැනගත්තාම වැඩියෙන්ම සතුටු උනේ මම. පිස්සු නේද නංගි කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා ආරංචි උනාම සතුටු වෙනවානම්.. ? ඒත් මින්හි ආදරය කළේ ජන්ග්කුක් ට. ජන්ග්කුක් කියන්නේ සේහිගේ මල්ලි. එදා තමයි මම වැඩියෙන්ම සතුටු උන දවස ...!

ඒත් අප්පා මින්හිව ජන්ග්කුක්ගෙන් ඈත් කළේ හිතුවෙවත් නැති විදියට. ඒක කළේ අප්පා උනාට අප්පා නිකන්ම නිකන් ඉත්තෙක් විතරයි.

එදා ටේහියුන් ඩේගු වල ඉදන් සෝල් ආවේ මින්හිගේ රටක් වටින කොල්ලාව අදුන ගන්න. එදා ගියා ගියාමයි මගේ මින් හි පහුවදා ගෙදර ආවේ පෙට්ටියක. තිරිසන්නු දහදෙනෙක් විතර මගේ මින්හිව දූෂණය කරලා ඉන්නකොට හොයාගත්තේ. ඒ කම්පනය නිසාම මගේ කුකී මාස එකොළහක් කෝමා එකේ හිටියා කියන එක දන්නවද?
එදා තමයි මම වැඩියෙන්ම ඇඩුව දවස...!!

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now