07 කොටස

1.2K 338 75
                                    

Flashback~

"චිමී.. ඇයි ඔයා මෙයා එක්ක කතා කලන්නේ" පින්කිගේ මොන්ටිසෝරියේ ඉන්න ආඩම්බරකාරයා , කිම් ජැක්සන්.. අගමැති තුමාගේ මුණුපුරෙක්.ඒත් පින්කි අකමැතිම චරිතයක්..

"මේ මගේ යාලුවෙක් ජැකී.. පින්කි ඒමනේ" චිමී අහපු ප්‍රශ්නයට කෙල්ලත් ඔවුන් වනලා අනුමත කළා.

"ඒත් ඔයා දන්නවාත .. ඔම්මලා නැති බෑද් ළමයි එක්ක කතා කළන්න හොද නෑ කීලා" ජැක්සන් කිව්ව දේ පින්කිට මුලින්ම තේරුණේ නෑ. ඒ මොකද කෙල්ල ජන්ග්කුක් වගේම ටියුබ් ලයිට් එකක් 😝

"මත තේලුනේ නෑ"

"මම කීවේ මොකක්ද දන්නවාත... ඔයා බෑද් ළමේක්... ඒ මොකත ඔයාගේ ඔම්මා ඔයාව එපා කීලානේ තාලා ගියේ.. ඉතින් ඔයා බෑද් ළමේක්.. අපිත ඔයා එක්ක කතා කළන්න ඕන නෑ.." පින්කිට ජැක්සන් කිව්ව දේ තේරුණාට පස්සේ කෙල්ලට දුක හිතුනා. ඊට වඩා කේන්තියි.

"බොලු කියන්නෙපා දැක්සන්.. මගේ තුතී කීවා මගේ ඔම්මා ඉන්නේ මෙන්න මෙතන කීලා. ඒ වගේම තුතී කීවා මම ලොතු උනාම එයා මං ළගට එනෝ කීලා.. තුතී මත බොලු කියන්නේ නෑ."

මුළු පන්තියටම ඇහෙන්න කෑ ගහලා කිව්වේ පින්කි පිළිගන්න කැමති නෑ එයාගේ තුතී එයාට බොරු කිව්වා කියලා...

"ඔයාගේ තුතී ඔයාත බොලු කීලා.. පින්කි ලැවටිලා.. ඔයාගේ ඔම්මා ස්ටාල් එකක් වෙලා කීලා තුතී කීලා නෑ.. පින්කි ලැවටිලා .. පින්කි ලැවටිලා" මුළු පංතියම පින්කි රැවටිලා කියලා හිනා වෙද්දි කෙල්ලගේ හිතේ ඇදුනේ දුකක්..

පුංචි හිත් ළාමකයි... හොද නරක පෙන්වලා දීලා හොද පුරුදු උගන්වන්න ඕන දෙමව්පියෝ. දැන් ජැක්සන් කිව්වේ මොකක්ද? එක්කො එයාට ඇහුණ දෙයක්. නැත්තම් කවුරුහරි කියපු දෙයක්. මොකද පුංචි ළමයි අනුකරණය කරන්නේ දෙමව්පියන් ව... තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙද්දී සීයා රටේ අගමැති වෙද්දී ඒ ගෙදර බලය ,ධනය ,ලොකුකම , ආධිපත්‍යය නිසා කොල්ලාටත් ඕන කාවහරි පාලනය කරන්න.. ඒකට හොදම තැන ද පන්තිය?

එතකොට පින්කි. සම්පූර්ණයෙන්ම වෙනස්..

උදේම වදදීලා තුතීව නැගිට්ට වන්න , එයාගේ ටේටේ සර් ගැන තුතීට කියලා හිනාවෙන්න , අසනීප උනාට තුතීට තුරුළු වෙලා නිදාගන්න , අයිස්ක්‍රීම් කාලා තුතීගෙන් ඕනෑම දෙයක් ඉල්ලගන්න , යුන්ගිකැත් එක්ක එකතු වෙලා තුතීට විහිළු කරන්න ඒ වගේම දවස අවසානයේ තුතීගේ පපුව උඩට වෙලා නිදාගන්න තමයි කෙල්ල ආසම.

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now