11 කොටස

1.1K 330 113
                                    

Flashback ~

"ටේ ඔප්පා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා!" අද මින්හි ලස්සනට හිනාවෙලා ඉන්නේ. මට තේරෙන්නේ නෑ මේකිගේ මේ හිනාවට හේතුව ඒත් ඒ හිනාවට මට ලෝබ හිතුනා.

"මොකෝ.. ඒ පාර කා එක්කද ගහගත්තෙ?" මම ඇහුවේ ඔප්පා කියලා කතා කරන හැමවෙලාවෙම මින්හි කොල්ලෙක් එක්ක වළි දාගෙන ඉන්න නිසා. කොහොමත් මින්හි ආදරය කියන ටොපික් එකේදී මහා කම්මැලි යෙක්.කොල්ලෙක් දැක්කොත් ගේමටමයි. ජින් හියුන් ඕනාවට වඩා නළවන නිසා තමයි මේ ඔක්කොම .

"මොනාද කොටියෝ ගහගන්න සීන් එකම හිතන්නේ 😒 මම ඒ තරම් දරුණු නෑ.. දැන් මං හොඳ ළමයෙක් 😪" ඒක තමා මට විශ්වාස කරන්න බැරි එකම කරුණ. මොකද මං දන්න මින්හි කවදාවත් හැදෙන්නේ නෑ මැකෙනවා මිසක.

"අනේ යනවා යන්න.. කියන තරමක් කියන්නේ බොරු.. ගිය සතියෙත් එකෙක්ට ගැහුවා නේද ? මට ආරංචි උනා ජින් හියුන් සේහි නූනාට කියනවා ඇහිලා."

"හරි හරි අයියා පණ... මට අද කියන්න තියෙන්නේ එහෙම දෙයක් නෙවෙයි හී🤭" මින්හී මට පණ , බබා , බොක්ක , රත්තරන් කියන්නේ මොනාහරි වැඩක් කරගන්න ඕන වෙද්දී. ඔය කෙල්ලො කියන ජාතිය ඉන්නවා නේද හොදට බටර් ගාලා කවන්නත් දන්නවා. පේන්නේ නැද්ද 😒

"ඒ පාර මොකද?" පොළව හාරන විදිහට එතන වළ දාපු නිධානයක් උනත් ගොඩගන්න බැරි නෑ. ඒත් මට තියෙන ලොකුම සැකය තමා කවදාවත් මින්හි ලැජ්ජා වෙනවා මම දැකලා නැති එක.

"මම.... මේ..."

" තටමන්නේ නැතුව කියනවාකෝ!"

"මම මේ..... කොල්ලෙක් ට ආදරය කරනවා !!!!" මින්හි කිව්ව දේට අතේ තිබ්බ අයිස්ක්‍රීම් එක නොවැටී බේරගත්තේ අනූනවයක් දශම නවයයි නවයෙන්. ඇයි යකෝ මම හිතුවේ මේක මගේ සංසාරෙට අහන්න ලැබෙන්නේ නැති වාක්‍යයක් කියලා.

කොහොමත් මින්හි කොල්ලෙක් දිහා බැලුවෙත් නෑ ඒ දිහා බලන්න මම ඉඩ දුන්නොත් නෑ. ඒත් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි මම නොදන්න මින්හිගේ කොල්ලා කවුද කියන එක?

" මොකක්ද තමුසෙ කිව්වේ?? යාආආආආආආහ්... කවුද ඒ මෝඩයා කියනවාකෝ" මම කිව්වේ ඒ මිනිහා ගැන අනුකම්පාවෙන්.. නොදැනුවත්වම හරි ඌ කරලා තියෙන්නේ මේ ලෝකේ තියෙන ලොකුම අපරාධය..

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now