A/N

1.1K 213 50
                                    

අහ්ම් අහ්ම්...

අවසරයි..
මම මෙතනට ආවේ පිනෝකියෝ කතාවේ තිරයෙන් පිටුපස කතාව කියන්න 😌😁

ඉතින් ඔයාලට කොහොමද?
ඊයේ හරියටම පිනෝකියෝ 1 කොටස ඉවර උනා.. ඉතින් මම කැමතියි ඔයාලට පිනෝකියෝ කතාව මම ලිව්ව විදිහ ගැන කියන්න..

ඇත්තටම මට පිනෝකියෝ කියලා කතාවක් ලියන්න අයිඩියාවක්ම තිබ්බේ නෑ.. මේකත් draft list එකේ තිබ්බ කතාවක්. Beyond friendship ඉවර වෙලා දෙන්න කතාවක් නැතුව ඉද්දී තමයි මේක ලිව්වේ. අනික මේක කොපියක්

දැන් අහන්නෙපා මොකක්ද කොපි කළේ කියලා... 🙂

මම කොපි කරන්න උපන් හපන් හැකියාවක් තියෙන කෙනෙක් ... එක්සෑම් පේපර් එක විතරක් නෙවෙයි ටීචර්ගේ කාලසටහන , එක එක්කෙනාගෙ හැසිරීම් රටා.. ඒ වගේම ෆිල්ම්..😁( ගැම්මක් තමයි)

ඉතින් පිනෝකියෝ කියන්නේ මම කොපි කරපු ෆිල්ම් වල එකතුවක්...

01... තෙරි

ගොඩක් කට්ටිය කිව්ව මේක තෙරි ෆිල්ම් එකේ කොපියක් කියලා. ඔව් මම ඒ ෆිල්ම් එක බල බල ඉද්දී තමයි පළවෙනී චැපිය දැම්මේ 🤓. ඒකේ පුංචි ළමයාගෙ චරිතය පින්කිගෙනුත් තාත්තාගේ චරිතය ජන්ග්කුක්ගෙනුත් මම නිර්මාණය කළා. මොකද මට ඕන උනේ හැමෝම අම්මලා ගැනම කියද්දී තාත්තලා ගැනත් හිතෙන දේවල් කියන්න... තාත්තලා කියන්නේ හැම කෙල්ලෙක්ගේම වීරයා කියන්න හොදම උදාහරණය තමයි පින්කිගේ තුතී...

ජන්ග්කුක් පින්කිට දුන්න ආදරය , ආරක්ෂාව , අවධානය අපේ තාත්තලාත් අපිට දෙනවා. ඉතින් මම කොපි කරාට එතන වැරැද්දක් නෑ නේද 🥺

02. සුල්තාන් ( 2021 )

බලලා තියෙනවා ද සුල්තාන් ෆිල්ම් එක? 2021 ආව රෂ්මිකාගෙයි , කාර්තිගෙයි ෆිල්ම් එකක් ( තෙලිගු) . මෙන්න මේ ෆිල්ම් එකේ තියෙන්නෙ යෝධයෝ 100 ක් සුල්තාන් කියලා කොල්ලෙක්ව බලාගන්න හැටි. පිනෝකියෝ කතාවේ ජින් , නම්ජුන් , හොබී , යුන්ගි කියන කටිටිය ජන්ග්කුක්ව බලාගත්තෙත් ඒ වගේමයි. ජස්ට් එක්සාම්පල්😝

ඒ වගේම ජිමින්... වීව ආරක්ෂා කරපු විදිය. වැරදි උනත් හරි උනත් ඒ ආදරය කරපු විදිය.. ඉතින් ඒක අන්තිමට සුල්තාන් යෝධයන් බලාගත්ත තැනදී කොපි කළා😁

03. වේදාළම්

අජිත් කුමාර්ගේ වේදාළම් ඔයාලා බලලා ඇති. ඒකේ පිරිමි චරිතය තමන්ගේ දරුවාව දුර ඉදන් බලලා සතුටු වෙනවා. ජින් වගේ..පින්කි වෙනුවෙන් ළග ඉදන් බැරි උනත් දුර ඉදන් ආදරය කරන කෙනෙක් තමයි ජින්. ඉතින් ජින්වත් මම කොපි කරපු චරිතයක්.

අන්තිම ෆිල්ම් එක.
නම දන්නේ නැති දනූෂ්ගේ ෆිල්ම් එකක්.ඔයාලට මතකද අන්තිමට පින්කි ජන්ග්කුක්ට වෙඩි තියනවා වීගේ කීමට. ඉතින් මම දන්න ෆිල්ම් එකකත් අවුරුදු 5ක කොල්ලෙක් තමන්ගේ තාත්තාට වෙඩි තියනවා ඔය විදියටම.. ඉතින්..

ඔච්චරයි මම කොපි කළේ. ඒත් මේ කතාව සම්පූර්ණ මගේ පිස්සු අයිඩියාවක් 😐 කතාව හොදයිද දන්නේ නෑ ඒත් මම දුන්නා..

දැන් අහන්නකෝ හොදම හරිය..

පිනෝකියෝ ලියද්දි හිතුවෙනම් චැපි 10කින් විතර ඉවර කරමු කියලා. ඒත් ලියන්න ලියන්න නවත්තගන්න බැරි විදියට පිස්සු අදහස් ඔළුවට ආවා. ඉතින් මම ජන්ග්කුක් වගේ තව චරිතයක් මවලා කතාව දික් කළා. මට අදහසක් තිබ්බේ නෑ සීසන් 2 ලියන්න. ඒත් සමාවෙන්න මට ලියන්න වෙනවා.

මෙන්න මේ කතා ටිකත් එක්ක 2023 දී හමුවෙමු...

ප්‍රශ්න තියෙනවානේ..

අන්තිමට කොටසේදී ජන්ග්කුක්ට මොකද උනේ?

ටේ කොහෙද?

ජිමින්ට මොකද උනේ?

යුන්ගි කෝ?

ජීහුන් කියන්නේ කවුද?

පින්කි මොකක්ද කරන්නේ?

මේ හැමදෙයකටම උත්තර එක්ක පිනෝකියෝ සීසන් ටූ එහෙම නැත්නම් KEYTAG LOVE එක්ක හමුවෙමු...

කතාව කියවලා කමෙන්ට් කරපු , අප්ඩේට් ඉල්ලලා කරදර කරපු , පිනෝකියෝ අමතක කරන්නේ නෑ කියලා හිතෙන හැමෝටම ගොඩක් ස්තූතියි ☺️❤️

මම පිනෝකියෝ ඕතර්..
Aaith...

🎉 You've finished reading ♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓ 🎉
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now