26 කොටස

915 263 32
                                    

"ඇයි යුන්ගි ඔයා එහෙම ඇහුවේ??" ජින් ඇහුවේ යුන්ගි කියපු මෙලෝ මගුලක් තේරුනේ නැති නිසා.

"නෑ හියුන්..මේ මට හිතෙනවා ජන්ග්කුක් හරි වෙනස් කියලා 😐"

"ඒ ඇයි?"

"නෑ හොබී මේකයි... ඊයේ මගේ යාලුවෙක් හොස්පිටල් හිටිය නිසා මම හොස්පිටල් ගියාම ජන්ග්කුක් ආවා. ඒත් එයා මට කතා කළේ මාව කවදාවත් දන්නේ නැති කෙනෙක් වගේ..ඊට පස්සේ ගෙදර ගියාම මෙන්න මට හියුන් කියලා කතා කරනවා 😒 දෙපැත්තක් දකිනවා මම ජන්ග්කුක්ගේ"

" මනස්ගාත" ජින් උත්තර දුන්නේ එයා ජන්ග්කුක්ව හොදටම දන්න නිසා.

"නෑ.. මටත් ඒක උනා.. මම පින්කි එක්ක අයිස්ක්‍රීම් ෂොප් එකේ ඉන්නකොට ජන්ග්කුක් ආවා. හැබැයි මාස්ක් එකත් දාගෙන ජේකේ වගේ. හියුන් දන්නවානෙ අවශ්‍යම දෙයකට හැර ජන්ග්කුක් කවදාවත් ජේකේ වෙන්නේ නෑ කියල. ඒත් එයා එදා හැසිරුණේ අපිව කවදාවත් දන්නේ නෑ වගේ ☹️"

යුන්ගි හොබී තම අදහස් එහෙම කියද්දි නම්ජුන් බර කල්පනාවක යෙදුනා. ඒත් ජින් විශ්වාස කළේ මේ හැමදෙයක්ම මුන් දෙන්නා නිදාගෙන ඉද්දී දකින හීන කියලා. ඒත් ඒ ගැන තව ටිකක් හොයල බැලුවානම් ඉස්සරහට වෙන්න යන අනතුරක් මග ඈරගන්න තිබ්බා.....!!!

__________________

Author Note :

පිනෝකියෝ නගර වැසියනි ,

පිනෝකියෝ අවසාන කොටස ළග ළගම එනවා.. මම කිව්වේ ජන්ග්කුක්ගේ මරණයට තව දින 20 යි කියලා.
අපි සති දෙකක් ඉස්සරහට පියඹාගෙන යමු.. වෙන්න තියෙන දේ වෙනවා.. කාලයට හැමදේම භාර කරමු 😌☺️

මම
ඕතර් 🙂

________________________

After 2 weeks...

ජන්ග්කුක් වෙනදා වගේම ටේවයි පින්කිවයි මොන්ටිසෝරියට ඇරලවන්න ආවා. කාර් එක නැවැත්තුව ගමන් පින්කි තුතීට කිස් එකකුත් දීලා යද්දී ටේත් කාර් එකෙන් බැහැලා ගියේ ජන්ග්කුක් දිහා හැරිලාවත් බලන්නේ නැතුව.

'හහ්.. පින්කි විතරයි හොද! මේ කොටි උලමාට බෑනේ කිස් එකක්වත් දෙන්න. කිස් එපා අඩුම තරමින් යන්නම් කියලා කියන්නවත් බෑ.. මහ නපුරෙක් 😒'

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now