27 කොටස

974 263 26
                                    

"ජන්ග්කුක් මේ කොහෙද යන්නේ?" ටේ ඇහුවේ ගෙදරට යන පාර වෙනුවට ජන්ග්කුක් වෙන පාරකින් කාර් එක අරන් යන නිසා. උදේ හිටිය ජන්ග්කුක්ට වඩා දැන් තමන් දකින ජන්ග්කුක් හරිම වෙනස් කියලා ටේට හිතුනා.

"ටිකක් ඉන්නකෝ ඩාර්ලින්... අපි යනකම් 😏"

"දාල්ලින්...සා වාව්..තුතී හලි ලොමෑන්තික් වෙලානේ 🤭"පින්කි කිව්වේ ටේ දිහායි ජන්ග්කුක් දිහායි මාරුවෙන් මාරුවට බලන ගමන්.

"කටවහගන්නවා ... ඕන එකටයි එපා එකටයි හැම එකටම කියවනවා. පොඩි එකෙක් නම් පොඩි එකෙක් විදිහට ඉන්නවා 😠"

ජන්ග්කුක් පින්කිට කවදාවත් සැරෙන් කතා කරලා නෑ. ආගන්තුකයෙක් විදිහට ජන්ග්කුක්ගේ මේ හැසිරීමට ටේටත් ටිකක් තරහා ගියා.

" ඕයි කුක්කෝ.. මේ පින්කි හරිද? මේ පොඩි කෙල්ලට මොකුත් කියාගෙන එන්න එපා ඔයා දන්නවානෙ මං ගැන 😏😒" ටේත් ටිකක් සද්දෙන් කියලා පින්කිගේ කදුළු පිහදැම්මා.

ටේටේ සෑල් එයා වෙනුවෙන් කතා කරපු එකට පින්කි හිනාවෙලා ජන්ග්කුක්ට දිව දික්කරා. ඒකට ජන්ග්කුක්ට කේන්ති ගියත් එයා ඉවසුවේ තව ටිකකින් මේ හැමදේම ඉවරයක් කරන නිසා.

පැය දෙකකට විතර පස්සෙ කාර් එක අරන් ආවේ පාළු ගොඩනැගිල්ලකට. ගරා වැටුණු පරණ බිල්ඩින් එකකට තමන්ව එක්කන් ආවේ ඇයි කියන එක ටේට ප්‍රශ්නයක් උනා.

ගමන් මහන්සියට පින්කිට ටේගේ අත උඩම නින්ද ගියා. කෙල්ලවත් වඩාගෙන ජන්ග්කුක් පස්සෙන් බිල්ඩින් එක ඇතුලට ආව ටේ දැක්කේ පිටත කෙතරම් අප්‍රසන්න පෙනුමක් ගත්තාත් ඇතුල ගොඩක් පිරිසිදුයි කියලා.

අඩුම තරමින් දූවිලි බිංදුවක් වත් ටේට හොයාගන්න බැරි උනා. බිමට අල්ලලා තියෙන ටයිල් එකේ ඉදන් ජනෙල් රෙද්ද පවා කළු පාටයි. හරියට කළු පාට ලෝකෙකට ඇවිත් වගේ...

හැමදේම දිහා විනාඩි ගානක් පුදුම වෙලා හිටිය ටේ අන්තිමට මේ දේවල් ගැන ඉස්සරහ ඉන්න කෙනාගෙන් ඇහුවා...

"ජන්ග්කුක්?? අපි මේ කොහාටද ආවේ??"

ආපහු හැරිලා ටේ දිහා බලලා ඔහු මෙහෙම උත්තරයක් දුන්නා.

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now