09 කොටස

1.2K 338 118
                                    























No One Pov :

"මේ... කුක්කෝ තමුසෙ ඇයි බිව්වේ?" ටේහියුන් ඇහුවේ තවමත් එයා ළග වෙරි වෙලා වැටිලා ඉන්න ජන්ග්කුක්ගෙන්.

"මට්ට..හික්.. සම්මාවෙම්න ....හික්" තවමත් ජන්ග්කුක්ට සිහිය ඇවිත් නෑ. කොල්ලා පින්කිව මතක් කර කර දොඩවනවා.

"මොකටද බං සමාව ඉල්ලන්නේ? ඒක නෙවෙයි බං කොහොමද උඹ ඔච්චර හැන්ඩ්සම් උනේ?" ටේයොන්ටත් තමන් අහන්නේ මොනවාද කියලා හරි සිහියක් නෑ. මොකද දෙන්නාම සිහි නැතිවෙනකම් බොන්න නේ ක්ලබ් ආවේ.

"පින්කියා..හික්..මියා..නේ..තුතී...හික්...බොල්ලු... කිව්වේ නෑ....හික්" ටේහියුන් කතා කරපු මනුස්සයා එනකම් ජන්ග්කුක් එක්ක කතා කරන්න උපරිම ට්‍රයි කරනවා.

"අහපු එකට උත්තර දෙනවාකෝ කුක්කෝ. අනික ඇයි උඹ පින්කිගෙන් සමාව ඉල්ලන්නේ?" පින්කිගේ නම් මතක් කර කර ජන්ග්කුක් සමාව ඉල්ලන නිසා කොල්ලා ඒ ප්‍රශ්නෙන් දැවි දැවී හිටියේ..

"මොකද්..ද.. මම එයා...ට බොරු..හික් කිව්වා..."

"මොකක්ද ඔය අර කෙල්ලට කරපු බොරුව ආහ්.. උඹ ඒ කෙල්ලට හොරෙන් අයිස් ක්‍රීම් කෑවේ නෑනේ 🙂" ටේ ඇහුවේ පින්කි අයිස්ක්‍රීම් වලට පෙරේතයි කියලා අහලා තියෙන නිසා.

"නෑ.. අයි...සේ...හික්.. මම... බොරු කිව්වා...හික්.. මම..තමයි.. එයාගේ...අප්...පා කියලා...!!"

එකපාරටම ජන්ග්කුක් කිව්ව දේ නිසා ටේහියුන්ගේ බීපු ඇල්කොහොල් ටික වාෂ්ප වෙලා ගියා වගේ උනා. අවාසනාවකට වගේ ටේහියුන්ට ඒක හොදට ඇහුනා..

~මම ඔයාගෙ අප්පා නෙවෙයි! එහෙනම් පින්කිගේ අප්පා කවුද?~

ටේහියුන් හිත හිත ඉන්න අතරේ එතනට ආවේ යුන්ගි. කෝල් එක ආන්සර් කරද්දී හොබී ගෙදර ඇවිත් හිටියා. ඒත් එකපාරටම ජන්ග්කුක් බීලා කියලා දැනගත්ත යුන්ගි පින්කිව හොබීට බාර දීලා ආවේ අවුරුදු දෙකකට පස්සෙ මේ වගේ ඇමතුමක් ආව එකට යම්තාක් කලබලයෙන්..

"ඕහ්.. සොරි මිස්ටර්.. මේ මගේ මල්ලි අද එයා ටිකක් බීලා එයාව බලාගත්තාට කුමෝවෝ.. එහෙනම් අපි යන්නම්" ටේට වචනයක්වත් කියන්න ඉඩ නොදී එකපාර කටට ආව දේ කිව්ව යුන්ගිට ඕන උනේ ජන්ග්කුක්ව ගෙදර ගෙනියන්න. ඒත්..

♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓Where stories live. Discover now