"මොනවාද?" මං ළගට ආවේ ටේටේ කාරයා. එයා මොනවද වෙන්නේ මේ මහ රෑ ඇහැරගෙන කරන්නේ?
"ඔයා හිතන්නේ තරු ගැනනේ?🌝" මොන තරුවෙක් ගැනද? අහසේ තියෙන තරුද නැත්තම් පින්කිගේ මොන්ටිසෝරියේ තරු මිස් ගැනද? සැක් එයා සිරි ලංකාවේ කෙනෙක්.🤧
"මම තරු ගැන නෙවෙයි සදූ ගැන හිතුවේ!" ටිකක් අවුස්සන්නත් එක්ක මං කිව්වා.
"මොකක්?" බලන් ඉන්නේ කන්ෆියුස් වෙලා
"ඇයි ඔයා ඇහුවේ අර මොන්ටිසෝරියේ තරු මිස් ගැන නේ? නෑ මම එයාට කැමති නෑ මම ආස සදූ කියලා ඉන්නේ අන්න එයාට"😁 ටිකක් විතර මගේ දිහා බලන් හිටියා. අන්තිමට මටත් ගස්සගෙන ආයේ අහස දිහා බලාගත්තා. කියූට් හැම ඇක්ෂන් එකක්ම...
" දැන් තමුන් මෙතනට වෙලා කල්පනා කළේ ගෑණු ගැනද ආහ්??" ඒකට ඉතින් දෙන්න උත්තරයක් හදන්න ඕන
"ඔව් ඇයි?"
"නෑ . පින්කි හිතනවට වඩා එයාගේ තුතී වල් නේ"
" ආයෙත් අහලා... මේ ඒක නෙමෙයි ඔයා ඇයි මෙතන එතකොට පින්කි-" මං එනකොටත් පින්කි හිටියේ මූ එක්ක නිදාගෙන නම් දැන් ඉන්න ඕන මෙයාගෙ ඇදේනේ...
"ආහ්... බය වෙන්න එපා පින්කිට නින්ද ගිහින්.. අනික එයා නිදාගෙන ඉන්නේ මගේ කොල්ලාව බදාගෙන..එතකොට යුන්ගි හියුන් නම් කොහොමත් නිදිනේ ඒ නින්දට ලෝකේ පෙරළුනත් එච්චරයි. ඉතින්...හොබී හියුන් ගෙදර ගියා... "
හියුන් ඇමරිකා යන්න කලින්වත් කවදාවත් ගෙදර ගියේ නෑනේ. මේ දවස්වල හියුන් වැඩිපුරම ඉන්නේ එළියේ. හොයලා බලන්නම ඕන ...
"ඔයා දැන් හිතන්නේ මං ගැන නේද?" ඒකට නම් රෑට කාපුවත් උගුරට ආවා. ඇයි දෙයියනේ හිතන්න මොකුත් නැතුවාටද මූ ගැන හිතන්නේ!
"නෑ ඔයාට පිස්සුද 😅"
"හහ්.. එහෙනම් කවුරු ගැනද හිතුවේ?"මූ මොකාටද එන්න හදන්නේ??
"හිතන්න කට්ටියද නැත්තේ බ්‍රෝ.. මම හිතුවා පින්කි ගැන , මං ගැන , හියුන්ලා ගැන එතකොට මගේ..." නැවතීමක්.. මින්හි මගේද තාම??
"ඔයාගේ??" ටේ දිහා බලද්දි ඒ ඇස්වල තිබ්බේ දුකක්. ඇයි? අමුතුයි. මම ආසම එයාගේ කියූට් ඇක්ෂන් වලට. හිනා වෙද්දි බොරුවට අඩද්දී දුවද්දී ඒ හැසිරීම් පොඩි එකෙක්ගේ වගේ. ඒත් .... මට එයා ගැන හිතන්න බෑ මොකද මං ආදරය කරන හැමෝම මාව දාලා යනවා. මං ආස නෑ මෙයාත් මගෙන් ඈත් වෙනවාට..🙁
YOU ARE READING
♡︎ ᴘɪɴᴏᴄᴄʜɪᴏ ♡︎ | ᴛᴀᴇ × ᴋᴏᴏᴋ | ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ✓
Fanfiction"තුතියෝ.. මාල වැදේ නේ උනේ?☹️" "ඒ පාර මොකක්ද කරගත්තේ හ්ම්..." "අපේ ටේටේ සෑල් තුතීට කීවා ආදලෙයි කීලා.." "මොකක්!! , සිරාවට...?" (jungshook) "සිලා තමා... එහෙනම් තුතියෝ අපි ගියා.." **__Pinocchio__** කටකාර කෙල්ලෙක් එක්ක දගකාර කොල්ලො දෙන්නෙක...