Part 1

234 13 10
                                    

"විනූ වරකෝ ඉක්මනට එලියට අනේ මගේ හොද එකානේ බස් එක මාව දාලා යයි බන් වරෙන්කෝ මැණික"

"ඉදහන් ඉදහන් එනවා යකෝ නිදහසේ මේ වැඩේ වත් කරගන්න දෙන්නේ නෑනේ ශික් තොපි වගේ පාප මිත්‍රයෝ"

"මේ බන් උබට ඉස්කෝලෙ ඇරෙනකන්ම ඉන්න ඕනි උනාද මේකට රින්ගන්න වොශ් රූම් යන්න ඕනි කිව්වනම් පීරියඩ් එකක් කට් කරලා යන්න තිබ්බනේ . දැන් බලහන්කෝ යමන් දැන්වත්"

"ඒනම් බන් සේයා මම ගියා උබ පරිස්සමෙන් පලයන් අරුන් බලන් ඇති උබ එනකන් "

මම සේයා වීරක්කොඩි . පවුලේ වැඩිමලා . නන්ගි කෙනෙක්ගේ අක්කා කෙනෙක් . අම්මා තාත්තා දෙන්නටම ඔෆිස් තියෙනවා . ආස මොනවාද ඒ දේ කරන්න දෙයියන්ගේ පිහිටෙන් සල්ලිත් තියෙනවා අම්මා තමා ඉතින් හැම දෙයක්ම හොයලා බලලා කරන්නේ.
එතකොට ඔය විනූ කියන්නේ මගෙ පන්තියේ හොද යාලුවෙක් හැබැයි බෙස්ටි නම් නෙවේ බෙස්ටි ගැන ඉස්සරහට කියන්නම්කෝ😍.

"අඩේ මොකෝ බන් පරක්කු උනේ"

මේ ඉන්නේ බස් එකේ මගෙ හොඳම යාලුවා කොල්ලෙක් උනාට හිත පට්ට හොදයි මාව බලගන්නේ හරියට සහෝදරයෙක් වගේ නම තමා හිරුශ

"නැ බන් අර විනූට වොශ් රූම් යන්න ඕනි කිව්වනේ ඒකයි"

"ඒමද උබලා දෙන්නා මාර ෆිට් නේද බන් මම මේ කියන්න කියලා හිටියේ . මේ......"

"මොකක්ද බන් හිරුශයා තටමන්නෙ නැතුව කියපන්කෝ බන්"

"බන් මට ඒකිව සෙට් කරලා දීපන්කෝ මැණිකේ උබ හොද එකීනේ "

"අඩෝ මේ මම නම් ඔය මගුල් කපු කම් කරන්නේ නැ හරිය . උබට ඕනි නම් කෙලින්ම ඒකිගෙන් අහපන් ආවා මෙතන මාව කන්න "

බොරු කේන්තියක් මවාගෙන මම කිව්වේ හිරුශයව ගැස්සිලා යන්න වගේම ටිකක හයියෙන්

" අපෝ හරි බන් මගේ කන ඇහෙනවා .ඕක හිමින් කියපන් බන් බලහන් හැමෝම බලනවා ලැජ්ජාවෙ බෑ "

ඇත්ත නේන්නම් හිමින් කියනවා කියලා හිතුවත් මම කියලා තියෙන්නේ හිමින් නෙවේ උපතින් පිහිටලා තියෙන මගේ ඝන්ඨාර වොයිස් එකෙන් . වස ලැජ්ජාවෙ බෑ .
කතාවෙන් කතාව කොහොම හරි මම බස් එකෙන් බැහැලා හැමෝටම අත වනලා ආවේ . බස් එක ගේ ගාව නතර කරපු වෙලාවේ

"අම්මා මගේ අම්මා කෝ බබා ඔයා"

පුරුද්දට ඒම කිව්වට පස්සේ තමා මතක් උනේ අම්මට අද ස්පෙශල් මීටින්ග්ස් වගයකට ඔෆිස් එකට යන්න උනා කියලා . මම එද්දී නන්ගි ඇවිත් තිබ්බ නිසා මන් එයාටත් වෙට්ටුවක් දලා ගියේ වොශ් රූම් එකට ඉක්මනට නාගන්න මොකද අද මට පන්ති නිසා . නාගෙන ඇවිත් මම කැමතිම රතු පාට දනිහ ගාවට තියෙන ගවුම අරගෙන ඇදගත්තේ පන්ති යන්න

"ඒ බන් නන්ගි මම යනවා ඕයි පරිස්සමෙන් ඉන්නවා හොදේ "

"ඉතින් යකො පලකෝ මට කිය කිය ඉන්නේ මොන මගුලක්ද "

ශික් විතරක් මේකි මට කතා කරන විදිය අක්කා කියලවත් බලනවද උබටත් හොද වැඩේ සේයා ආවා මෙතන ආශිර්වාද කරන්න . ඒම හිත හිත මනෝපාරක් ගහගෙන මම ආවෙ මගෙ යාලුවගේ ගෙදරට මොකද අපි පන්ති යන්නේ යලුවගේ තාත්තා එක්ක නිසා .

"අඩෝ මේ අදත් අරූ ඉදීද බන් . හිටියොත් ඉවරයි "

"ඉන්නවා ඉන්නවා බන් අර ඉන්නේ දොදොලේ වගේ"

වාහනෙන් බැහැලා පන්තිය ඇතුලට යන වෙලාවෙ කාඩ් මාක් කරන අයියට රෙහානයි අය්ශයි දෙන්න එක්ක බැන බැන යද්දී මනෝ පාරක ගහගෙන ගිය මාව ගැස්සුනේ කව්ද කෙනෙක් මගේ ඇගේ හැප්පෙද්දී .

...............................................................................................

යාලුවනේ මේ මගේ පලවෙනි කතාව part 1 එක ඔන්න දැම්මා ඉතුරු ටිකත් දාන්නම් බැනලා හරි කමක් නෑ මට ඔයාලගේ කමෙන්ට්ස් දාන්න හොදේ 😍❤️🙏

සේයා 🌷Where stories live. Discover now