" මිස් සේයා "
මගෙ ලගින් නතර කරපු වාහනේ ශටර් එක අරිනවත් එක්කම මගෙ මූනේ ඇදුනේ හිනාවක්
" මිස්ටර් මිශේන් "
" ගෙදර යනගමන්ද මිස් සේයා "
වාහනෙන් බැහැලා මන් ලගට එන ගමන් මිශේන් ඇහුවේ හිනාවීගෙන
" ඔව් මිස්ටර් මිශේන් අද ටිකක් කලින් යනවා එදා උන දේවල් එක්ක සර් මට කිව්වා කලින් ඕෆ් වෙන්න කියලා"
" එතකොට මෙතන ඉන්නේ , බෝයි ෆ්‍රෙන්ඩ් එනකන්ද"
" අනේ නෑ මිස්ටර් මිශේන් මම කැබ් එකක් දැම්මා ඒක එනකන්"
" මාත් එක්ක යමු මාත් යන්නේ ඒ පැත්තටනේ අනික බොරුවට කැබ් වලට සල්ලී දෙන්න ඕනි නෑනේ"
" අනෙ කමක් නැ මිස්ටර් මිශේන් මම කැබ් එකේ එන්නම් "
" ඇයි බය වෙලාද මාත් අර මිනිස්සු වගේ ගිනියයි කියලා 😂 "
" නෑ මිස්ටර්..... "
" එහෙනම් ඉතින් යමු "
තව බෑ කියලා තේරුමක් නැති නිසාම වාහනේට නැගපු මම කැබ් එක කැන්සල් කලා
" ඉතින් මිස් සේයගෙ බෝයි ෆ්‍රෙන්ඩ් මේ රටේද නැත්නම් ලන්කාවෙද"
" එහෙම කෙනෙක් නෑ මිස්ටර් මිශේන් "
" එතකොට හැමදාම උදේටයි , ඕෆ් උනාම යන්නේ කැබ් එකේද"
" නෑ මිස්ටර් මිශේන් සර් මාව ඩ්‍රොප් කරනවා . අද සර්ට සනීප නෑ කියලා ඔෆිස් ආවෙ නෑ"
මෙයා නම් පුදුම කෙනෙක්නේ මගෙන් හරියට ප්‍රශ්න කරන්නෙ cid එකෙන් වගේනේ . ඔව්නේ ඉතින් කෝමත් cid එකේනේ වැරදි කාරයන්ගෙන් ප්‍රශ්න අහලම personal life එකෙත් කතා කරන්නෙ එහෙම්මද කොහෙද . 😂😂😂😂
මගේ හිතත් එක්ක කතා කර කර ආපු මාව ගැස්සුනේ මිශේන්ගේ කටහඩට" මිස් සේයා ගේ ගාවට ආවා "
" ආ... මිස්ටර් මිශේන් යමු ඇතුලට මොනවාහරි බීලා යමු"
" අනේ අද නම් බෑ මිස් සේයා මගේ අයියගෙ පුතාව ඩේක්‍යාර් එකෙන් ගන්න ඕනි වෙන දවසක එන්නම් "
හා කියන්න ඔලුව වනපු මම බලාගෙන ඉදියේ එයා යනකන් .
" ආ ලමයා කා එක්කද ආවෙ"