part 18

46 7 0
                                    

" නන්ගි කොහෙද මේ යන්නේ "

" දෙයියනේ දනුක අයියා "

නෑ මාව අර මිනිස්සන්ට අහු උනේ නෑ . ඒ වාහනේ හිටියේ දනුක අයියා

" නංගි මේක ඉන්න හොද පැත්තක් නෙවේනේ "

" අයියේ මේ.... "

" හරි හරි නංගී මේ පාර ඉන්න හොද තැනක් නෙවේ දැන් හොද ලමයා වගේ නගින්නකෝ වාහනේට "

වාහනේට නගිනවත් එක්කම මට ඇහුන කට හඩින් එතනම ගල් ගැහුනා වගේ උනා "

" මිස් සේයා උබ පැනලා යන්න කියලද හැදුවේ ඒක ලේසි වෙන්නෙ නම් නෑ "

ඔව් ඒ අර ජරා මිනිස්සු අනේ දෙයියනේ උන් මගේ පැත්තට එනවා

" නංගී ඔතන හිටගෙන බලාන ඉන්න එපා නගින්න ඉක්මනට වාහනේට "

ඉක්මනට දනුක අයියගේ වාහනේට මන් නැග්ගේ අර මිනිස්සු කෑ ගහගෙන අපේ පස්සෙන් ෆලෝව් කරද්දී . දනුක අයියා පුළුවන් තරම් ස්පීඩ් එකෙන් වාහනේ ඩ්‍රයිව් කලේ අරුන් වාහනේටත් වෙඩි තියද්දී . කෝමහරි 3 km විතර යද්දී අපිව ෆලෝව් කරන එක උන් නතර කරපු නිසා වාහනෙ ස්ලොව් කරලා ටිකක් දුර ගිහින් නතර කලා .

" නංගී ඇයි දෙයියනේ මේ ඇස් වල කදුලු බය උනාද "

" අනේ පිං අයියේ මම හිතුවෙම මාව අද ඉවරයි කියලා අයියේ නොහිටියනම් මාව කෑලි කෑලි වලට කපලා "

" බය වෙන්න එපා සේයා දැන් ඉතින් ඔයා බේරුනානේ . මොනාහරි බොන්න අරන් දෙන්නද හොදටම තෙහෙට්ටු පාටයි "

" අනේ මොකුත් එපා අයියේ මට ගෙදර යන්න ඕනි "

" හරි නංගී අපි යමු ඒත් මොකද උනේ ඔයාට "

" අනේ අයියේ උන් කට්ටිය මාව මරන්න හැදුවේ. මම උන් යනකන් ඉදලා පැන ගත්තා "

" හරි හරි නංගී අපි දැන් යමු මම ඔයාව ඩ්‍රොප් කරන්ම් "

විනාඩි 45 ක් විතර යද්දී අපි ගේ ගාවට ආවා ගේට් එකත් ඇරලා දාලා දෙනුජගේ වගේම මිශේන්ගේ වාහනෙත් තියෙනවා

" අයියේ අපි යමු ඇතුලට "

ගේට් එකට පොඩ්ඩක් එහායින් වාහනේ නතර කරපු වෙලාවේ මම දනුක අයියට කිව්වේ ලස්සනට හිනාවෙලා

සේයා 🌷Where stories live. Discover now