part 32

20 3 3
                                    

" දෝණී ඔයා ලැස්තිද .... "

" ඔව් අම්මි ලෑස්ති "

අද ඉතින් අම්මි අප්පච්චි බිස්නස් වැඩ වගයකට රටින් පිට යනවා යූ කේ වලට . මාසයක් විතර ඉතින් ඒ දෙන්නා එහෙ ඉන්න නිසා මාව අක්කලගෙ ගෙදර නවත්තලා යන්නේ. නන්ගිත් කැම්පස් එකේ නිසා එයා හැමදාම ගෙදර එන්නෙත් නෑනේ . කොහොමත් මේ ටිකේ කෙල්ලට එක්සෑම් වලට පාඩම් කරන්න ඕනි කියලා ඒකි යාලුවෙක්ගේ ගෙදර සෙට්ල් වෙලා . අශියත් ගමේ ගිහින් .

" අපි එහෙනම් ගිහින් එන්නම් දුව පරිස්සමෙන් ඉන්න "

" හරි අප්පච්චි "

ඒ දෙන්නා මාව අක්කලගේ ගේ ගාවින් දාලා ගියේ කොහොමත් ඉතින් මේ ගෙදර මට කොයි වෙලාවෙත් දොර ඇරලා තියෙන නිසා . 😁

ගේට් එකත් ඇරගෙන ගාර්ඩ් රූම් එකේ හිටපු අන්කල්ටත් සැලුට් එකක් දාන් ආවේ ගේ පැත්තට . දොර ඇරලා තිබුන නිසා කෙලින්ම ගේ ඇතුලට පැන්නේ සධාචාරය පැත්තකට දාලා .

" අක්කී ..... පොඩි මෑන් මම ආවා ඔන්න ඉතින් මාසයක් ම මම මෙහෙ හොදේ "

" අක්කී ... කොහෙද අනේ ඔයාලා "

විකාර කියෝ කියෝ ඉද්දි එකපාරටම මගේ ඉස්සරහින් මතු උන කෙනාව දැකලා මට කියාගන්න බැරි තරම් සතුටක් ආවත් ඒ එක්කම දැනුනේ මහ වේදනාවක්.

මි....ශේ.....න්....

ඒ මිශේන් එතකොට ධීර් කියපු කතාව හරි මිශේන් ලන්කාවට ඇවිත්.

" අක්කයි අයියයි පුතුයි ගියා ෆන්ශන් එකකට "

මාව සතපහකට ගනන් ගන්නේ නැතිව කියපු මිශේන් මටත් ගස්සලා එලියට ගියේ හරියට මන් වැරැද්දක් කරලා වගේ

*යකෝ වැරදි කලේ මූ මට රවන්නේ මොන කෙහෙල්මලකටද *

මටම කියාගෙන කාන්ති ඇන්ටිටත් කිරි එකක් හදලා ගෙනත් තියන්න කියලා මන් ආවේ රූම් එකට වොශ් එකක් දාගෙන කිරි එකත් බීලා හෙඩ්සෙට් එක දාගෙන  බැල්කනී එකට ආවේ සින්දුවක් අහන ගමන් .

බැල්කනියට අක්කලගේ ගෙදර වටපිටාව මාරම ලස්සනට පේනවා . වටේම බලන ගමන් හිටපු මාව ගැස්සුනේ මන් දිහා කන්න වගේ පල්ලෙහා ඉදන් බලන් ඉන්න මිශේන්ව දැකලා

*ශික් මේ ගල් මූසලට මේ පැත්ත බලන්නෙම නැතිව ඉන්න බැයිද *

මිශේන්ටත් රවලා රූම් එකට ඇවිත් ඇදට පැන්නේ ටිකක් නිදාගන්න කියලා නිදි දෙව්දුව වෙලාගෙන ටික වෙලාවක් යද්දි කම්මුලට දැනුන ස්පර්ශයත් එක්කම මාව ගැස්සුනා

" මිශේන් මොකද මේ යන්න එහාට "

මිශේන් මන් ලගට වෙලා ඉද්දි මන් එයාව තල්ලු කරන්න හැදුවත් එයා නෙවේ එහාට ගියේ

" චුට්ටක් ඉන්න දෙන්නකෝ මැණික "

" අනේ මේ ඔයා අර ඔයාගේ බේබි ලගට වෙලා ඉන්නවද මොන මගුලකටද මන් ලගට එන්නේ "

ලාවට මන් දිහා බලල හිනා උන මිශේන්ගේ ඇස් වල මොකක්ද වේදනාවක් තියෙනවා පේනවා ඒත් ඒක ඇත්තද නැද්ද කියලා කවුද දෙයියනේ දන්නේ .

" තව ටික දවසක් මට දෙන්න මැණික . මන් ඔයාට මේ හැමදේකම ඇත්ත පෙන්නලා දෙනාවා සේයා එතකන් මාත් එක්ක ඉන්න සේයා . ප්ලීස් රත්තරන් . "

එහෙම කියලා මගේ නලලත් ඉබලා කාමරෙන් එලියට යනකන් මන් හිටියේ ගල් වෙලා වගේ

...............................................................................................

කමෙන්ට් එකක් දාගෙන යන්ඩෝ .. 😁

සේයා 🌷Where stories live. Discover now