part 21

46 7 5
                                    

ෆෝන් එකත් ටේබල් එක උඩින් තියලා බ්ලැන්කට් එක ඔලුවෙ ඉදන් පොරෝගෙන කොට්ටෙකුත් තුරුල් කරගෙන නිදාගත්තේ ගොඩක් නිදිමත එක්ක ලාවට පොදයකුත් යන නිසා .

උපරිම පැය දෙකක් නිදාගන්න ඇති. මගේ ආදරණීය නින්ද කැඩුනේ ෆෝන් එක රින්ග් වෙද්දී ඒ වෙද්දිනම් වැස්ස හොදටම වැඩී. ඇත්තටම මේ රෑ දොලහට විතර කතා කරන යම පල්ලා කවුද කියලා බලන්න අඩ නින්දෙම මම ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බැලුවා .

මිශේන් ,
ඔව් කතා කලේ මිශේන් ඒත් ඇයි එයා මේ මහ රෑ කෝල් කරන්නේ සේරම විසදුනාටත් පස්සේ . කමක් නෑ කෝල් එක ආන්ස්වර් කරලම බලමුකෝ කියලා හිතානම මම කෝල් එක ආන්ස්වර් කලා .

" හෙලෝ "

" සේයා දොර අරින්නකෝ "

" මොකක්ද මොන දොරද "

නින්දේ හිටපු මාව එකපාරටම ඇදෙන් නැගිට්ටුනේ මිශේන් කියපු එකත් එක්ක . දොර අරින්න කියලා නේද එයා කිව්වේ . 🤔

" අනේ බබා බැල්කනී එකේ දොර අරින්නකෝ "

50% ක් විතර කන්ෆියුස් වෙලා හිටපු මාව ඉතුරු ටිකත් කන්ෆියුස් උනේ එයා කියපු ටිකෙන් . එහෙම්මම රූම් එකේ ලය්ට් එකත් දාලා ගිහින් වීදුරු වලින් හදලා තිබ්බ බැල්කනී එකේ දොර ඇරියා .

දොර අරිනවත් එක්කම වැස්ස එක්ක මුසු වෙලා තිබ්බ හුලගෙන් මම උඩට කරලා බැදලා තිබ්බ කොන්ඩේ ලිහුනා . මිශේන් මන් දිහා හරියට බලාන ඉන්නේ කන්න වගේ . එයාව හොදටම තෙමිලා වැස්සට . අනික බැල්කනී එකට කෝමද මෙයා ආවේ ප්‍රශ්න ගොඩක් ආවත් ඒව හිතේ විතරක් තියාගෙන මම එයා දිහා බලාන ඉදියා .

විනාඩි දෙක තුනක් එයා දිහා බලාන ඉද්දී එයා මාව බැල්කනී එකේම තියලා ආවේ රූම් එකට මමත් ඉතින් එයාගේ පස්සෙන්ම රූම් එකට ආවේ කිසිම දෙයක් හිතා ගන්න බැරිව දැන් මේ රූම් එක හරියට එයාගේ වගේ කැමති වෙලාවට එනවා කැමති වෙලාවට යනවා .

එයා ගියේ මගේ ඇදුම් දාලා තියෙන අල්මාරිය ගාවට ඒක ඇරලා ටවල් එකකුයි තව මොකක්ද ඇදුමකුයි ගත්තේ මන් දිහා නිකමටවත් නොබලා ඇදුම් අරගෙන වොශ් රූම් එකට එයා ගියාට පස්සේ මම ඉක්මනට ගියේ අල්මාරිය ගාවට අල්මාරිය ඇරලා බලද්දී තමා මට දෙවියෝ සිහි උනේ . එයාගේ ඇදුම් වගයක් මගේ අල්මාරියේ .

සේයා 🌷Where stories live. Discover now