part 12

61 10 5
                                    

සති , මාස  ගෙවුනා අපි දැන් මෙහාට ඇවිත් අවුරුද්දක් . ඒ වගේම තව අවුරුද්දකින් අපි මෙහෙන් යනවා .

" මොකෝ කියන්නේ අපි හතර දෙනා දවසක  යමුද ඇවිදින්න "

කුස්සියෙ ඉදන් එලියේ බෙන්ච් එකක වාඩි වෙලා ඉන්න අශීටයි , දෙනුජටයි , මිශේන්ටයි බීම හදාගෙන ආපු මට ඇහුනේ දෙනුජ කියපු කතාව . දැන් දෙනුජයි මිශේනුයි කියන්නේ අපේ හොදම යාලුවො ඉඩක් ලැබුන හැම වෙලාවෙම අපේ ගෙදර . කට්ටියට බීම දීපු මම ට්‍රේ එකත් පැත්තකින් තියලා මගෙ බීම එක අරගෙන වාඩි උනේ අශී ලගින්

" ඔව් දෙනුජ අපි කොහෙවත් ඇවිදින්න ගියෙත් නෑනේ මොකද කියන්නේ අනිද්දා සෙනසුරාදානේ යමුද ඇවිදින්න "

අශී කියපු දේට අපි ඔලුව වැනුවේ ඒකට කැමති කියන්න වගේ

" අපරාදේ හෙටම යන්න තිබ්බා කොහෙද ඉතින් අපි දෙන්නට වැඩනේ "

දෙනුජ කිව්වේ මන් දිහා බලාගෙන . එයාටත් හිනාවෙලා මන් බීම එක බොන්න ගත්තේ අශී තව විකාර කියවද්දී .

" මිශේන් එහෙනම් අනිද්දා අපි ඇවිදින්න යනවා උබට එන්න පුළුවන්නේ එහෙනම් "

" හරි බන් මට එන්න පුළුවන් ඔයාලා වැඩේ සෙට් කරලා තියන්නකෝ "

" හැබැයි ඉතින් ප්‍රශ්නෙ කියන්නේ මේකට එදාට කොහෙවත් නැති මිශන් එකක් වැටෙයිද දන්නේ නෑ නේද"

දෙනුජ මිශේන් දිහා බලාගෙන නෝන්ඩියට කියපු විදියට හැමෝටම හිනා ගියා . හැමෝටම රවපු මිශේන් ගැහුවේ දෙනුජගේ පිට මැදට . ඒ එක්කම දෙනුජ මිශේන්ට ගහන්න හදද්දී මිශේන් ඇවිත් හිටගත්තේ මගෙ පිටිපස්සෙන් . දෙනුජ එන්න හදද්දීම වාඩි වෙලා හිටපු මාව මිශේන් ඇදලා ගත්තේ එයාව කවර් වෙන්න .

" සේයා නිසා බේරුනා කියලා හිතා ගනින් නැත්නම් උබ මගෙන් කනවා අද අම්බානට "

දෙනුජ කිව්වෙ හරියට ලොකු වීරකමක් කරන්න ගිහින් නැවතුනා වගේ . තව ටිකක් වෙලා කතා කර කර හිටපු කට්ටියගේ කතාව නෑවතුනේ දෙනුජයි මිශේනුයි යන්න හදද්දී ඒ දෙන්නා යනකන් එලියට වෙලා හිටපු මමයි අශී ගේ ඇතුලට ඇවිත් ලෑස්ති උනේ රෑට උයන්න කියලා . දෙන්න එක්ක නූඩ්ලස් හදලා කාලා නිදාගත්තේ හෙට වෙලාසනින් වැඩට යන්න තිබ්බ නිසා ඇයි ඉතින් හෙට උදේම අපෙ දෙනුජ බොසා මීටින් එකක් දාගෙනනේ 🙄

සේයා 🌷Where stories live. Discover now