අශී කාමරෙන් එලියට ගියාට පස්සේ තියෙන නිදි මතට බ්ලැන්කට් එකත් ඔලුවෙ ඉදන් පොරෝගෙන කොට්ටෙකුත් තුරුල් කරගෙන ආයෙමත් නිදි දෙව්දුව ලගට යන්න හැදුවා විතරයි මගේ ඔලුව දැවැන්ත ප්‍රහාරයක් එල්ල උනා. අම්මා තාත්තා මතක් කරගෙනම ගහපු එකා කව්ද කියලා බලද්දී තමා තිබ්බ නිදි මතත් හිදුනේ . ඒ හිටියේ ඊයේ මගේ කාමරේ ආක්‍රමණය කරපු මා ප්‍රිය කුලුදුල් ප්‍රේමය වන CID මිශේන් .
අප්පා මට දැන්නේ මතක් උනේ මෙතුමා මගේ රූම් එකේ නිදාගත්තේ කියලා . අනේ අවුරුදු 21 ක නම්බුව සේදිලා දියවෙලා නැති බන්ගස්තාන වෙලාම ගියා . දැන් කරන්න දෙයක් නෑ හිත හදාගන්න සේයා . මොනා උනත් ඉතින් මෙයත් දැන ගන්න එපෑ මම මේ වගේ කුම්භ කරණයෙක් කියලා . මොකද මගේ වෙන්ඩ ඉන්න හබියනේ
උපන් ලැජ්ජාවත් හන්ගාගෙන මිශේන් දිහා බලාගෙන මම මගෙ හිත එක්ක ලස්සන සන්වාදයක හිටපු අති උත්කර්ෂවත් මොහොතේ ඒකට ආයේ බාධා කලේ මිශේන් ( මූ නම් ඇත්තටම බාල්දිමයි පෙල්ලන්නේ 🙄)
" මොනාද මන් දිහා බලාගෙන කල්පනා කරන්නේ ආ... මොකද උදේම කිස් එකක්වත් දෙන්න හිතුවද "
කටත් ඇද කර නෝන්ඩියට වගේ මගෙන් ඇහුවේ මට කර කියාගන්න දෙයක් නැති වෙද්දී
අනේ ඇත්තටම මෙයා හිතාන ඉන්නේ මට වෙන වැඩ නෑ කියලද දන්නේ උදේම කිස් දෙන්න මට ඒ තරම් පිස්සු නෑ . සේයා දැන් කේන්ති අරගන්න යන්න එපා. පොඩි හිනාවක් දාලා ඔතනින් පැන ගන්න නැත්නම් ඔය මිශේනයා ඊලගට මොනවා කියයිද දන්නේ නෑ
මගේ හිත මට දීපූ ඕඩර් එකට අනුව කේන්ති ආවත් ඒක පිටට නොපෙන්වා මිශේන්ට පොඩි හිනාවක් දාලා එයාව වැඩිය ගනන් නොගෙන වොශ් රූම් එකට පැනගන්න කියලා ඇදෙන් බැස්සා විතරයි මගේ අතින් අල්ලලා එයා මාව ඇදලා ගත්තේ ඒ පපුවට වැදෙන්න . තව ට්ක කාලයක් ගියොත් නම් ශුවර් එකටම මට ඔලු කට්ටක් බද්ධ කරන්න වෙනවා . ඒ එක්කම අලුතින් අතකුත් හයි කරන්න වෙනවා මොකද ඉතින් වැඩි පුරම වෙන්නේ මිශේන් මම එයාව මග ඇරලා යන සැරයක් ඇත්නම් මගේ අහින්සක අතින් අදිනවා ඒ අතින් අදින පාරේ වේගවත් කම නිසාම මගේ අහින්සක ඔලුව ගිහින් එයාගේ ජිම් ගිහින් හාදාගත්තේ පපුවෙ වදිනවා . එයාලත් ඉතින් ඉවසීමක් කියලා තියෙනවනේ පව් මගේ අතයි ඔලුවයි.