part 33

49 3 9
                                    

මිශේන් ව ඊයේ හවස මගේ කාමරේට ආපු වෙලාවේ ඉදන් අද හවස වෙනකන් උපරිම දැක්කේ වැඩිම උන දෙයසරයි මල්වර වෙලා වගේ කාමරේට වෙලා ඉන්නවා

මටත් මොකෝ ඉතින් මට වැඩක් නැති මාතෘකාවක්නේ. අද ඉතින් හවස අපේ අක්කගේ අම්ම අසනීපෙන් කියලා එයාට බෝධි පූජාවක් තියන්න ඕනි කියලා කිව්වා . අක්කගේ අම්මා උනාට එයා අයියටයි මිශේන්ටයි සැලකුවේ එයාගෙම ලමයි විදිහට . ඉතින් ඒකටත් එක්ක මල් ටිකක් කඩලා දීලා ලෑස්ති මන් උඩට ආවේ ලෑස්ති වෙන්න.

වොශ් එකක් දාගෙන සුදු පාට දිග ෆ්‍රොක් එකත් ඇදලා කොන්ඩෙත් තනි කොන්ඩයක් ගොතලා ෆෝන් එකත් අරන් පහලට ආවේ . පොඩ්ඩා කෑ ගහගෙන මන් ලගට එද්දි .

පුන්තා මාව බේරගන්නෝ මේ බාප්පි මට ගහනෝ ....

පොඩ්ඩා කියනවත් එක්කම මම පුතුව වඩා ගත්තට පස්සේ මිනිහා ඒ පාර කෑ ගහන්න ගත්තේ හරියට ලෝකේ දින්නා වගේ.

යේ .. යේ පුන්තා මාව බේර ගත්තා යේ....

පොඩ්ඩා කියද්දි මන් මිශේන් දිහා බැලුවේ නෝන්ඩියට වගේ හිනා වෙලා . යකෝ මූ ඉන්නේ මාව නිකන් අමුවෙන ගිලින සයිස් එකට බලාගෙන .

"බාප්පි බලන්නකෝ අනී පුන්තා හලි සස්සනයි නේද අද "

" අනේ පුතූ ඔයා ලස්සන දැකලා නැද්ද "

එහෙම කියලා පොඩ්ඩවත් මගෙ අතින් උදුරගෙන ගියේ ගස්සගෙන

අපෝ ඔව් ඔව් ලස්සන දැකලා නෑ තම එයාගේ අර උඩැක්කිය වගේ නම් ලස්සන නෑ තමයි . තොරොම්බල් කාරි 😠

මටම කියාගෙන මන් ආවේ වාහනේට . මිශේන් ඩ්‍රයිවින් සීට් එකේ ඉදගනිද්දි  මන් පිටිපස්සෙන් වාඩි වෙන්න හැදුවත් වැඩේ හරි ගියේ නෑ.

" අනේ නන්ගි මට ටිකක් වමනෙට වගේ ඔයාට පුළුවන්ද ඉස්සරහෙන් වාඩි වෙන්න මන් අක්කා ගාව ඉන්නම් "

අයියා කියද්දි මන් අයියා දිහා විමර්ශන ඇහෙන් බැලුවේ මොකද මේ ඉන්නෙත් අර කපටියගෙම අයියා නිසා .

" අනේ නන්ගි කමක් නෑ නේද "

" කමක් නෑ"

අයියටත් රවලා මන් ගිහින් ඉස්සරහින් වාඩි උනේ මිශේන් නෝන්ඩියට වගෙ බලන් ඉද්දි .

You've reached the end of published parts.

⏰ Last updated: Aug 23, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

සේයා 🌷Where stories live. Discover now