part 28

77 12 7
                                    

දැනට ලංකාවට ඇවිත් මාස හතරක් වෙනවා. මිශේන්ලගේ අක්කල නම් ඇවිත් මාස දෙකයි තාම . පොඩ්ඩගේ වාස බවන දැන් අපේ ගෙදර වෙලා . ඒ මදිවට අපේ අම්මගෙයි තාත්තගෙයි හුරතලේ මැද්දේ කොල්ලට අවුරුදු හතරකුත් ලැබුවා . ඔක්කොම හරි බාප්පා වගේම තමා තියෙන පණ්ඩිත කම , ඒ ඇස් දෙකම තමා පොඩ්ඩටත් තියෙන්නේ . මොන දේ උනත් මිශේන් කොයි තරම් වැරදි උනත් මට මිශේන්ව අමතක කරන්න තියා ඒ ගැන හිතන්නවත් බැරි උනා . අඩුම තරමේ මෙහෙට ආවට පස්සේ ගෙදරින් එලියටවත් බැස්සේ නෑ අශී තමා අපේ දිහා ආවේ . පොඩ්ඩා තාම මට කතා කරන්නේ පුන්චා කියලා පව් ඒ පොඩි ලමයා දන්නේ නෑනේ දැන් එයාට අලුත් පුංචි කෙනෙක් ඉන්නවා කියලා .

" නංගී අරින්නකෝ ලමයෝ දොර "

ඇදට වෙලා මනෝ පාරක් ගහගෙන හිටපු මාව ගැස්සුනේ මගේ හිටපු නෑනගේ හෙවත් ආදරණීය අක්කගේ බෙලෙක් කටට , මෙයාටත් ඉතින් මගේ කාමරේ ලගට ඇවිත් ඝන්ටාරේ ගහන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නෑ . ආයේ ඒ සුන්දර හඩ අහන්න ඕනි නැති නිසාම ඉක්මනට ඇදෙන් පැනලා දුවලා ගිහින් දොර ඇරියේ අක්කා නිකන් අමුවෙන් කන සයිස් එක මන් දිහා බලාන ඉද්දී .

ලා රෝස පාට සාරි එකක් ඇදලා කොන්ඩේ බන් එකක් ගහලා අම්මෝ අද අක්කගේ ලස්සන කෙල පෙර පෙර අක්කා දිහා බලාගෙන හිටපු මට අක්කා ඇන්නා ටොක්කක්

" මොකද ඕයි ගහන්නේ "

අක්කගේ සාරි පොටේ එල්ලිලා රූම් එකට එන ගමන් ඇහුවේ අක්කා කණ්නාඩිය ඉස්සරහ නතර වෙද්දී .

" පොඩ්ඩි මේ අද මමයි අපේ අප්පච්චි අම්මයි පුතාව අලුත් නර්සරි එකක් බලන්නයි , තව මේ මෙහෙ අලුත් ලෑන්ඩ් වගයක් තියෙනවා ඒ ටික බලන්නයි යනවා පොඩ්ඩව තියලා යන්නේ . ඔයාට එයා කන්ට්‍රෝල්නේ අනික අපි අරන් ගියොත් දගලනවා පොඩ්ඩක් බලාගන්න හොදද මන් ඉක්මනට එනවා "

අක්කා මගේ ඔලුව අතගාලා බටර් දීසියක් ම ගාල යන කන් මම කට ඈරගෙන බලාන ඉදියේ ශොක් වෙලා වගේ.

දැන් ඉතින් ඒකව බලාගන්න ඕනිනේ 😐😐😐😐

" දෝණී .... දෝණී .... "

අම්මා පල්ලෙහා ඉදන් කතා කරද්දී මම පහලට ආවේ අම්මා කොහෙද යන්න ලෑස්ති වෙලා පොඩ්ඩව හුරතල් කර කර ඉද්දී තාත්තත් ලෑස්ති වෙලා .

සේයා 🌷Where stories live. Discover now