part 2

114 11 5
                                    

"ආව් අම්මා මගේ අත " මට කෑ ගැහුනෙ කවුදෝ කෙනෙක් මගේ අතේ වැදෙද්දී ඒ එක්කම පිටිපස්ස හැරිලා බැලුවේ හොදවයින් දෙකක් කියනවා කියලා හිතාගෙන
බෑ මට කිසි දෙයක් කියගන්න බැරි උනා ඒ ලස්සන ඇස් දෙක දැක්කාම

"මේ ඕයි පිස්සු හැදිලද මොන සිහියෙන්ද යන්නේ ආ"

ඒකෙනා මගෙන් ඇහුවේ හරියට මම ඇවිත් හැප්පුනා වගේ කොච්චර ලස්සන උනත් මට ඒ වෙලාවෙනම් කේන්ති ගියේ ඌ එක්ක මට කතා කරපු විදියට

"මේ හලෝ මෙතන මගෙ ඇගෙ හැප්පිලා මගෙන් අහනවද ඇයි ඇගේ හැප්පුනේ කියලා තමුසෙගෙ ඇස් පේන්නේ නැති උනාට මගෙ නම් ඇස් හොදට පේනවා ගල් ඉබ්බා"

කේන්තියටම මගේ කටින් ඒ වචන ටික පිට උනේ හිතන්නවත් වෙලාවක් මට නොතියා. ඒ ලස්සන ඇස් කේන්තියෙන් රතු උනා කියලා මට පෙවුනේ ඒ ඇස් දිහා බැලුව වෙලාවෙ . ඌ මන් දිහා බැලුවෙ  හිටපන්කෝ මන් උබට මේකට රිටන් එක දෙනකන් කියන ටයිප් එකෙන් . මාව වැඩිය ගනන් නොගෙන මට රවාගෙනම එයා එතනින් යද්දී මාත් අනිත් පැත්තට හැරුනෙ මගෙ යලුවෝ දෙන්න එක්ක පන්තියට යන්න කියලා එතකොට තමා මන් දැක්කේ මුන් දෙන්නා කටෙ හිනාව තද කරගෙන මන් දිහා බලාන ඉන්නවා . උන දෙන්නටත් රවන්න පුළුවන් උපරිම රවලා මම ආවෙ කාර්ඩ් එක ගන්න .

"ආ නන්ගි චුට්ටක් මහත් වෙලා නේද "

ඒ තමා මම මේ ක්ලාස් එකේ කැමතිම නැති කෙනා කාඩ් මාක් කරන අයියා අපේ සර්ගෙ ගොට්ට රන්ඩු වෙන්න බැරි කමටම මවා ගත්ත හිනාවකින් එතනින් ආවෙ අරුන් දෙන්න බලාන ඉදිද්දී

පන්තියේ ඉස්සරහම වාඩි වෙන එක මට පුරුද්දට ගිහින් තිබ්බා ඒ හන්දා හැම පන්තිකම සර්ලට මාව හොදට නෝට්😂 . ක්ලාස් එක ඉවර වෙනකන් කෝම හරි අහගෙන ඉදලා කට්ටිය එක්කම එලියට ආවේ පන්තිය ඉවර උන ගමන්මයි . ටිකක් දුර ඇවිදන් ගිය මාව කවුරු හරි ඇදලා ගන්නවා වගේ මට තේරුනේ අත රිදෙනවත් එක්කම . "දෙයියනේ මූ මොකද මගෙ අතින් අල්ලන් කරන්නේ " ඔව් ඒ  ඉදියේ අර නපුරා

"ආ සුදූ මොකද බය වෙලා මම කරදරයක් කරන්නේ නෑ පැට්ටෝ මම මේ ඔයාට පොඩි දෙයක් කියන්න නවත්ත ගත්තේ ආයේ ඔය කටින් මට කට ගහගෙන ආවොත් ඔය ලස්සන තොල් දෙක ඉතුරු වෙන එකක් නම් නැති වෙයි මැණිකේ "

මොකෙක්ද වගේ ඒම කියපූ ඌ යන්න ගියේ මගෙ දිහා බලලා කට කොනකින් හිනා වෙනවත් එක්කම එයාගේ යාලුවොන්ටත් අතින් යමු කියලා සන් කරගෙන
ඌ කියපු වචනයක් පාසා අයේ ඇහෙද්දී මන් බැලුවේ මගේ යාලුවො දෙන්න දිහා ඒ දෙන්නත් හොදටම බය වෙලා . තුන් දෙනා එක්කම ගෙදරට යනකන් කතාවක් නැතුව ආවේ අරූ කියපු දේවල් කන් වල දෝන් කාර දෙද්දී

"සුදු මැණික ඔයා ආවද"

මාව ගැස්සුනේ අම්මගේ කටහඩට . අම්මටත් ලස්සනට හිනා වෙලා ඔලුව වනලා වොශ් රූම් එකට ගිය මම රෑ සීතලේම ශවර් එක ඇරියේ ඔලුවත් එක්කම නෑවිලා යන්න අරූ කියපූ හැම දෙයක්ම අමතක කරන්න කියලා හිතාගෙන . නාලා එලියට ඇවිත් ඇදුමක් දා ගෙන මම ගියෙ හෙට ඉස්කෝලෙ හින්දා පොත් බෑගෙ එක අස් කරන්න ඒක අස් කරලා ඉවර වෙලා ෆෝන් එක අතට ගත්ත මම ඇද උඩින් වාඩි උනෙ මාගෙ බෙස්ටි අශීට මැසේජ් එකක් ටයිප් කරන ගමන් බන් හෙට වරෙන් මට කියන්න දෙයක් තියෙනවා කියලා මැසේජ් එකක් ටයිප් කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බේ නිදාගන්න

මට කියන්න බැරි උනානෙ ඔය අශී කියන්නෙ අම්මට පස්සේ මම මේ ලොකේ වැඩියෙන්ම ආදරේ කරන මගෙ බෙස්ටි මගෙ සහෝදරිය වගෙ මගෙ හැම දේකදිම ලගින්ම ඉන්න එයා මට මගෙ නන්ගිටත් වඩා ගොඩක් සමීප කෙනෙක්

.........................................

ඔන්න යාලුවනේ part 2 ත් ලිව්වා අදම කට්ටිය මට කමෙන්ට් එකක් දාගෙන යමූ හොදද බැනලා හරි කමක් නෑ ඔයාලා කමෙන්ට් දානවනම් ආදරෙයි හැමෝටම 😍😘🙏

සේයා 🌷Where stories live. Discover now