" හෙලෝ ගුඩ් මෝර්නින්ග් අයියේ මොකෝ අද උදෙන්ම"
" මොකක්ද , මොකක්ද , යකෝ මේකි මගේ girl friend ද කියලත් සැකයි"
" ඒ මොකද සැක "
" නෑ ඉතින් කෝල් එකක් ගත්තොත් ගත්ත හේතු අහනවා . පිස්සියෙක් "
" අපෝ අපෝ මම නිකන් ඇහුවේ . "
" හරි මැණික අද අපි යමුද ටිකක් ඇවිදින්න "
" අනේ යමුකෝ අයියේ කාලෙකින් ගියේ නෑනේ වැඩට යනවා ගෙදර එනවා එච්චරයිනේ "
" අපි එහෙනම් හතර දෙනා එක්කම කොහේ හරි යමු හරිද මැණික "
" හා මම එහෙනම් දෙනුජටයි අශීටයි කියන්නම් ලෑස්ති වෙන්න කියලා "
" හරි මැණික . මට අද ඔයාට දෙන්නත් දෙයක් තියෙනවා"
" ඒ මොකක්ද අනේ "
" ආවට පස්සේ දෙන්නම් "
" අනේ ඉතින් කියලා ඉන්නකෝ "
" මම අද 2 වෙද්දී ඔහෙට එනවා එතකොට දෙන්නම්කෝ හොදද "
" ම්ම්ම් පරිස්සමෙන් එන්න "
" හරි මැණික බුදු සරණයි "
" බුදු සරණයි "
උදේ නැගිටලා බැල්කනී එකට වෙලා හිටපු මට කෝල් කලේ මිස්ටර් මිශේන් ආදිත්‍ය දෑලේබණ්ඩාර හෙවත් මගේ කුලුදුල් ප්‍ර්‍රේමය 😂 . මොනා උනත් අද අපි ඇවිදින්න යනවනේ මට ඒ හොදටම ඇති. ඒ එක්කම දෙනුජට කෝල් කරලා විස්තරය කියපු මම අශීගේ කාමරේට ගියේ මේ ගුඩ් නිව්ස් එක කියන්න .
" අශී ... "
" ඔව් කියහන් "
ඇද උඩට වෙලා පොතක් බල බල හිටපු අශී ගාවින් මන් ගිහින් වාඩි උනේ ඒකි මන් දිහා බලද්දී ,
" මිශේන් අයියා කෝල් කලා "
" ඉතින් ඉතින් මස්සිනා මොනාද කිව්වේ "
" අද ..... "
" අනේ කියාම්කෝ මොකක්ද "
" ඇවිදින්න යන්න හතර දෙනාම ලෑස්ති වෙලා ඉන්න කිව්වා "
" ඒ ඇත්තටමද "
" ඔව් බන් "
" අඩෝ මරුනේ කීයටද "
" 2 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න කිව්වා "
" ම්ම් යමු යමු "