part 10

77 10 8
                                    

උදේ නැගිටිද්දී ටිකක් පරක්කු උනා . අද ඉතින් ගෙදර නිසා දෙන්න එක්ක පරක්කු වෙලා නැගිට්ටේ .

දවල් වරුවේ හෝදල තිබ්බ ඇදුම් ටිකක් නව නව කාමරේ හිටපු මන් ලගට ආපු අශි,

" සේයා සැලොන් එක පැත්තෙ ගිහින් එමුකෝ"

" ඒ මොකටද "

" මොකටද කියලා අහන්නේ පාර්ටි එකට පොඩි මේකප් එකක් දාගන්න "

" පිස්සුද උබට යන්නේ මගුල් ගෙදරක නෙවේ පාර්ටි එකකට මොකටද බොරුවට සැලොන් ගානෙ යන්නෙ ගෙදර මේකප් එකක් දාගෙන යමු බන් "

" අපෝ උබනම් මහ ලෝභයි බන් "

" මොකක්ද කියන්නේ මම ලෝභයි . ඔව් ඉතින් ලෝභ වෙන්න ඕනිනේ සල්ලි වැඩක් නැති වැඩ වලට යොදවද්දී"

" මොකක්ද දැන් වැඩක් නැති වැඩේ "

" මෙච්චර මේකප් කරන්න මේකප් සෙට් ගෙදර තියෙද්දී බ‍ර්ත්ඩේ පාර්ටි එකකට යන්න මේකප් කරන්න සැලොන් ගානෙ යන එක "

මූනත් නරක් කරගෙන කාමරෙන් එලියට යන්න හදපු අශීගෙ අත අල්ලගත්තේ එයා මන් දිහා රවාගෙන බලන් ඉද්දී

" අපෝ මැට්ටි ඔය මූඩ් එකනම් ඔයාට හරියන්නේ නෑ අපි යමුකෝ  සැලොන් "

ඒ මූනෙ ඇදුනේ ලස්සන හිනාවක් මටත් ඔලුව වනලා අශී ගියේ එයාගෙ කාමරේට හිනාවීගෙන .

" අශී ඔයා ලෑස්තිද "

හවස සැලොන් යන්න ලෑස්ති වෙලා මම අශීගෙන් ඇහුවෙ එයාගෙ කාමරේ ගාවට යන ගමන්.

" ඔව් බන් ලෑස්ති "

" මොකද බන් මේ මේකප් දාගෙන සැලොන් එකට ගිහින් දාමු කියලනේ කිව්වේ "

" නෑ සේයා උබ කියපු කතාව හරි මෙච්චර මේකප් අයිටම්ස් ගෙදර තියෙද්දී අපි බොරුවටනේ බන් සැලොන් ගානේ ගිහින් සල්ලී නාස්ති කරන්නේ "

" ඔය තේරුනෙ පිස්සිට "

" යමු මම උබට මේකප් එක දාන්නම් "

අශී කිව්වේ මාව කාමරේට ඇදන් යන ගමන්

" මේ අශියෝ උබ කොහොමද බන් ඔච්චර ලස්සනට මේකප් කරන්න පුරුදු උනේ බලන්නකෝ අද උබේ ලස්සන  "

සේයා 🌷Where stories live. Discover now