" මා..ව... ලිහප...න් මිනිහෝ ඇයි උබලා මාව මෙහෙම තියාගෙන ඉන්...නේ "
ඔලුවෙන් එන වේදනාවත් එක්කම මම කෑ ගැහුවේ කව්ද මිනිස්සු වගයක් මාව ගැට ගහලා තියෙන නිසා ටිකක් අදුරු කාමරයක් මාව පුටුවක ගැට ගහලා.
අම්මපා මුන්ට වෙන වැඩ නැද්ද අහින්සක මාවම කිඩ්නැප් කරන්නේ දැන් දෙසරයක්ම කිඩ්නැප් කලානේ. ශික් කන්න ගිය අයිස් ක්‍රීම් එකත් කන්න බැරි උනානේ කොහෙද මන්දා ඉදන් ඇවිත් මගේ නහයට මොකක්ද රෙද්දක් ඇල්ලුවා දැන් මාව මෙතන ගැට ගහලා . මේ සේයා වීරක්කොඩි ගැන . අද නම් හොද පාඩමක් උගන්නවා . ශික් කෝ මගේ ප්‍රථම ප්‍රේමය වත් නෑනේ එදා වගේ බේරගන්න එන්නේ .
තනියෙන් මුමුණ හිටපු මට එකපාරටම ඇහුනේ මාව දාලා තිබ්බ කාමරයේ දොර ඇරගෙන කවුද මන්දා ගෝඨයිම්බර යෝධයෝ වගේ මිනිස්සු තුන් දෙනෙක් එනවා .
" ආ... මිස් සේයා වීරක්කොඩි හෙවත් ආනගතයේදී මිසිස් සේයා දෑලේබණ්ඩාර කෝමද ඉතින් "
" අනේ මේ අයිසේ මට මගෙ පාඩුවේ ඉන්න දෙනවද. මගෙ සැප දුක අහන්න ඕනි නම් මාව මොන විකාරයකටද කිඩ්නැප් කලෙ නිකන් ඔය යන එන ගමන් අහන්න තිබ්බනේ 🙄🙄 "
" හහ් හහ් හා ....
මිස් සේයා , අංක එක තමා අපි ඔයාව කිඩ්නැප් කලේ සැප දුක අහන්න නම් නෙවේ.
අංක දෙක ඔබ තුමියගේ ආදරණීය ප්‍රේම වන්තයාගේ පවර්ස් අරගෙන අපි එක්ක ආගියු කරන්න ඇවිත් ඔය ලස්සන මල අපිට කියලා තලා ගන්න එපා "" අනේ මේ මට කියනවද ඇයි තමුසෙලා මාව කිඩ්නැප් කලේ කියලා මම තමුසෙලගේ මොනවා ගත්තටද ආ . අනේ හොද ගෝඨයිම්බර අයියා වගේ මාව ලිහන්නකෝ අයියේ "
" ආ ආ ආ මිස් සේයා ඔයා නම් අපෙන් මොකුත් ගත්තේ නෑ ඒත් ඔයාගේ ප්‍රේම කුරුල්ලා නම් අපිට හරියට වදදෙනවා මේ අන්ඩර්වර්ල්ඩ් එකේ අපේ බිස්නස් ටිකට එයාගෙන් මාර වදයක් තියෙන්නේ ඒ විතරක් නෙවේ මේ ලගදි එයාගේ වැටලීම් අංශයෙන් අපේ මිනිස්සු වගයක් අල්ලගෙන ඉතින් උන්ව රිලීස් කරලා අපේ බිස්නස් අපිට පාඩුවේ කරගෙන යන්න දෙනකන් මේ මිස් ඉන්නේ අපි එක්ක හැබැයි බැරි වෙලාවත් ඔබ තුමියගේ ප්‍රේම කුරුල්ලා වැඩිය දගලන්න ආවොත් මිස්ගේ ඔය ලස්සන ජීවිතේ පුන්ච් වෙලාවකින් අදුරු වෙයි අදුරු වෙයි .ලස්සන මලක් වගේ තියෙන ඔය ජීවිතේ පර වෙලා යයි. "