මගේ අත අද කරලා අශී අල්ලගන්නවත් එක්කම මම බැලුවේ අශීගේ මූණ දිහා එයා ඉස්සරහ බලාන ඉන්නේ හරියට ගල් වෙලා වගේ. අශීගේ මූන දිහා බලානම මමත් ඉස්සරහ බැලුවේ මෙ තරමට බය වෙන්න තරම් ඉන්නේ කව්ද කියලා බලන්න . ඉන්න කෙනා දැක්කට පස්සේ මාවත් අඩියක් විතර පිටිපස්සට ගියේ ඒ නොහිතපු හමුවීමක් නිසා .
සිතික 😍
ඒ හිටියේ සිතික අපේ අශීගේ හිත හොල්ලපු එකම කොල්ලා වගේම අශීගේ ඇගේ දුවන ලේ අයිති මනුස්සයා .
ටික වෙලාවක් සිතික අයියා දිහා බලාන හිටපු මම බැලුවේ අශී දිහා එයාගේ මූනේ තිබ්බේ සතුටක් වගේම කුතුහලයක් . කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න මාව ගැස්සුනේ සිතිකගේ කටහඩට
" නංගී එතකොට ඔයාද මේ අපේ මිශේනයගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් "
සිතික මගෙන් අහනවත් එක්කම එතනට ආවේ මිශේන්
" ඒ සිතිකයා උබ මෙයාව කලින් ඉදන් දන්නවද "
" නැතුව බන් මම දන්නවා මෙයාව එදා මෙයාගේ යාලුවෙක්ට හොස්පිට්ල් එකේදි මම බ්ලඩ් ඩොනේට් කලානේ ඒ වගේම පස්සේ තමා දන්නේ අපි දෙන්න එකම ස්කූල් එකේ කියලා "
සිතික අයියා මගේ කරට අතක් දාන ගමන් කියද්දී මිශේන්ගේ ඉරිසියාව කියන යකා ඇවිස්සිලා සිතික අයියගෙ පිටට පයින් පාරක් ගැහුවා විතරයි සිතිකව තල්ලු වෙලා ගිහින් අපිට පැත්තෙන් වගේ ඉන්න අශීවත් පෙරලගෙන අශීගේ ඇග උඩට වැටුනා .
ඒ ඇක්ශන් එක කියලා නිම කරන්න බෑ අශීව බිම වැටිලා එයාගේ ඇග උඩ සිතික අයියා . නිකන් නෙවේ ඇස් දිහා බලාන . ඒ දිහා මමයි මිශේනුයිත් පුදුමෙන් වගේ බලන් හිටියා හැබැයි අපිට නිකන්වත් මතක් උනේ නෑ මේ දෙන්නව නැගිට්ටවන්න.
අපේ ලස්සන movie එකට මැද්දෙන් පැනලා ඇඩ් එකක් දැම්මේ ඒ ගෙදර ඉන්න සර්වන්ට් කෙනෙක් . මාවයි මිශේන්වයි වගේම අශීවයි සිතිකවයිත් ගැස්සුනේ ඒ මනුස්සයගේ කටහඩට
" අනේ සමාවෙන්න චූටි මහත්තයා "
මොනාද කියන්න ආපු ඒ මනුස්සයා අශීවයි සිතිකවයි දැකලා ගේ ඇතුලට ආයේ යද්දී අශී සිතිකවත් පැත්තකට තල්ලු කරලා නැගිට්ටේ කලබලෙන්. ඒ එක්කම මා ගාවට ඇවිත් අශී හිටගනිද්දී . බිම ඉදගෙන මිශේන් දිහා අමුවෙන් කන සයිස් එකට බලාගෙන හිටපු සිතික අයියව දැකලා මිශේන් අහක බලාගත්තේ හිනාව තද කරගෙන